මහවැසි සමඟ වැව් කීපයක් පිටාර මට්ටමේ

මහවැසි සමඟ වැව් කීපයක් පිටාර මට්ටමේ

පසුගිය දින කිහිපයේ ඇදහැලුන මහ වැසි හේතුවෙන් වැව් කිහිපයක් පිටාර ගැලීමේ අවධානමක පවතින බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය කියයි. මඩකළපුව දිස්ත්‍රික්කයේ බූගම් ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල වැව, යෝධවැව, මාතලේ දිස්ත්‍රික්කයේ දේවහුව වැව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹපොළ වැව, ඇඹුල්ගහ වැව, මාගල්ලවැව, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ වැව, හඳපානාගල වැව සහ ඉගිනියාගල වැවද පිටාර ගැලීමේ සීමාවට පැමිණ තිබෙන බවද අමාත්‍යාංශය හෙළි කරයි.

ඉදිරියේ දී වැසි ඇදහැලුනහොත් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගන්නා බවද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය අවධාරණය කරයි. වැව් පිටාර ගැලීමට ආසන්න ප්‍රදේශවල ප්‍රාදේශීය ඉංජිනේරුවන්ට අවධානම් අවස්ථාවකදී ගතයුතු පියවර ගැන දැනුම්වත් කර ඇති බව වාර්මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ජී. ජී. ගොඩලියද්ද මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා