අලුත් අවුරුදු සමයේ ධීවර සංස්ථාවට රුපියල් කෝටි 3.7ක ආදායමක්

අලුත් අවුරුදු සමයේ ධීවර සංස්ථාවට රුපියල් කෝටි 3.7ක ආදායමක්

අලුත් අවුරුදු සමයේ ලංකා ධීවර සංස්ථාව රුපියල් කෝටි තුන ඉක්මවූ ආදායමක් (රුපියල් දශලක්ෂ 37) උපයා ඇත. පසුගිය 11, 12, 13 තෙදින ධීවර සංස්ථා අලෙවිසල්වල සිදු කෙරුණු මසුන් අලෙවිය හරහා මෙම ආදායම උපයා ඇතැයි ධීවර සංස්ථාවේ සභාපති මහීල් සේනාරත්න මහතා පැවැසීය. මෙම දින තුන තුළදී කොළඹ ප්‍රදේ්ශයෙන් මසුන් ටොන් 20 ක් අලෙවිවී ඇති අතර එයින් රුපියල් දශලක්ෂ 9ක ආදායමක් උපයා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රදේශයෙන් මසුන් ටොන් 18 ක් අලෙවි කර රුපියල් දශලක්ෂ 6.5ක ආදායමක් උපයා තිබේ. රත්නපුර ප්‍රදේශයේ ලංකා ධීවර සංස්ථා අලෙවිසල්වල මසුන් අලෙවියෙන් මෙම තෙදින තුළ රුපියල් දශලක්ෂ 3.1 ක ආදායමක් උපයා ඇති අතර අලෙවි කළ මසුන් ප්‍රමාණය ටොන් 11 කි. මහනුවර ප්‍රදේශයේ ධීවර සංස්ථා අලෙවිසල් තුළින් මෙම තෙදින තුළ මසුන් ටොන් 114ක් අලෙවි කර රුපියල් දශලක්ෂ 4.6 ක ආදායමක් උපයා ගත් බවද සභාපතිවරයා කීය.

පසුගිය 12 දා වැඩිම අලෙවි ආදායම වාර්තා කර ඇත්තේ වේයන්ගොඩ ධීවර සංස්ථා අලෙවිසලින් වන අතර එය රුපියල් 7,48,000 කි. උත්සව සමය වෙනුවෙන් ලංකා ධීවර සංස්ථා අලෙවිසල්වල ඉතා අඩු මිල ගණන් යටතේ මසුන් අලෙවි කෙරුණ අතර එහිදී කෙලවල්ලා කිලෝව රුපියල් 430 කට ද, තලපත් කිලෝව රුපියල් 470 කට ද, බලයා කිලෝව රුපියල් 390 කට ද අලෙවි කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා