නැඟෙනහිර විශ්වවිද්‍යාලය යළි විවෘත කෙරේ

නැඟෙනහිර විශ්වවිද්‍යාලය යළි විවෘත කෙරේ

ශිෂ්‍ය ගැටුමක් හේතුවෙන් වසා දමා තිබූ නැගෙනහිර විශ්වවිද්‍යාලය අද (20) යළි විවෘත කෙරේ. ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වේ. ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය පැවැති දිනට පසු දින මෙම විශ්විද්‍යාලය වසා දමුනේ එම තරගය සම්බන්ධයෙන් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙනි. විශ්වවිද්‍යාලය වසා දමා ඇති බවටත් විශ්වවිද්‍යාලයට නොපැමිණෙන ලෙසටත් මහා ශිෂ්‍ය සංගමය එස්. එම්. එස්. මඟින් අනෙකුත් සිසුන්ට තර්ජනය කර ඇත.

විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අද විශ්වවිද්‍යාලය විවෘත කිරීමට පූර්ණ සහය දෙන බවට ශිෂ්‍ය සංගමය පොරොන්දු වී ඇත. එස්. එම්. එස්. මඟින් මේ පිළිබඳ ව සිසුන්ට දැනුම් දෙන්න කටයුතු කරන බවට ද ශිෂ්‍ය සංගමය එකඟ වී ඇත. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන අර්ධ අවසන් තරගයේ දී විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් ශ්‍රී ලංකාවටත් දෙමළ සිසුන් නවසීලන්තයටත් ජය පැතීම හේතුවෙන් මේ ගැටුම ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම නිසා ගැටුම වර්ධනය වී ඇත.

වසර 30ක් එල්. ටී. ටී. ඊ. පාලනයේ සිටි මෙම සිසුන් තවමත් ප්‍රභාකරන් ඇති කළ මානසිකත්වයෙන් යුතු ව සිටින බැවින් තමන්ගේ රට පවා අමතක කර සිටින බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. විශ්වවිද්‍යාලයේ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවශේෂ ගැටලු නිරාකරණය කිරීමටත් උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා අද නැගෙනහිර විශ්වවිද්‍යාලයට පැමිණීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා