හිටපු මන්ත්‍රී ද. මු ගේ නැතිවුණු ගිනි අවිය සොයාගෙන

හිටපු මන්ත්‍රී ද. මු ගේ නැතිවුණු ගිනි අවිය සොයාගෙන

පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ද. මු. දසනායක මහතා ජීවතුන් අතර සිටියදී ඔහුගේ නිවසේ තිබී අතුරුදහන් වූ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හලාවත මුගුණවටවන ප්‍රදේශයේ නිවසක තිබී අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසියේ නොවිසඳුන අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් විය.

සැකකරුවන් තිදෙනෙක් ද තියුණු ආයුධයක් ද මේ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. එක් සැකකරුවෙක් ද. මු. දසනායක මන්ත්‍රීවරයා ජීවතුන් අතර සිටියදී සේවය කළ රියදුරෙකි. හලාවත පොලිසියේ බුද්ධි අංශයේ පො. කො. (41374), එම්. අජිත් යන අයට ලැබූ තොරතුරක් මත නොවිසඳුන අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානභාර පො. සැ. 41159, ඩබ්ලිව්. බී. ජේ. නිමල්, පො. සැ. 52392 ආනන්ද, පො. කො. 32081 පීරිස්, පො. කො. 17209 නිශාන්ත යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා