පාර කඩාගෙන බසය පෙරැළී අයෙක් මරුට: 25කට තුවාල

පාර කඩාගෙන බසය පෙරැළී අයෙක් මරුට: 25කට තුවාල

පස්සර සිට මඩොල්සිම හරහා පිටමාරුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අම්බලම ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ අඩි 130ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් බස් රථයේ රියැදුරු මියගොස් මගීන් 25කු තුවාල ලබා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

පැවැති වර්ෂාවත් සමඟ බස් රථය මාර්ගය කඩාගෙන මෙසේ ප්‍රපාතයට පෙරළීගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 80ක් පමණ ගමන් කර ඇති බවත්, සෙසු මගීහු තුවාල නොලබා බේරී ඇතැයි පොලිසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි. මඩොල්සිම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා