මවත් පුතාත් නිදි යහනේ දී අභිරහස් ලෙස මරා දමලා

මවත් පුතාත් නිදි යහනේ දී අභිරහස් ලෙස මරා දමලා

සැමියා අතුරුදන්
 

ලසිකා විවාහ වූදා

රවිඳු ඉමේෂ්

බියගම පේරගස්හන්දිය බොරළුවල ප්‍රදේශයේ නිවෙසක නිදියහන මතදීම කාන්තාවක් සහ ඇගේ පුතණුවන් ඝාතනය කර දමා තිබිය දී බියගම පොලීසිය ඊයේ (19) අලුයම සොයාගෙන ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ පේරගස්හන්දිය බොරළුවල පදිංචි පතිරගේ ලසිකා හේමසීලි (36) සහ හෙට්ටිආරච්චිගේ රවිඳු ඉමේෂ් (8) අයවලුන්ය. ඉකුත් (16) දා රාත්‍රී 8.30 ට පමණ මේ නිවසේ පදිංචිව සිටි ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමියා සහ ඝාතනයට ලක්වූ දෙදෙනා අසල්වාසීන් සමඟ කතාබහකර සිට ඇති අතර ඉන්පසුව මොවුන් පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු හෙයින් අසල්වාසීන් ඊයේ (19) අලුයම බියගම පොලීසියට කළ දැනුම් දීමකට අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් නිවසේ දොර කඩා නිවස පරීක්ෂා කිරීමේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහ ඇගේ පුතණුවන්ගේ මළ සිරුරු සොයාගෙන ඇත.

කුමන හේතුවක් මත මේ ඝාතනය සිදුවී ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා අතුරුදන්ව ඇත. මළ සිරුරු වලින් දැඩි දුගඳක් හැමීම නිසා දින කිහිපයකට පෙර මේ ඝාතනය සිදුවී ඇති බව පොලීසිය සැක කරන අතර ඝාතනයට ලක්වූ රවිඳු නිමේෂ් (08) බියගම ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ සිසුවෙකි. මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මැකී මොහොමඩ් මහතා පැවැත්වු අතර පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආනන්ද විජේසූරිය මහතාගේ උපදෙස් මත බියගම පොලිස්ථානාධිපති ශාන්ත තිලකරත්න, කැලණිය අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක එස්. ලෝරන්ස්, බියගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති කීර්තිසිංහ, පො. සැ. (27217) උපාලි, පො. සැ. ජයරත්න (29468) යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා