පිටි මිල වැඩිකිරීම ඉවත් කර ගන්න

පිටි මිල වැඩිකිරීම ඉවත් කර ගන්න

ඇමැති පිටි සමාගම්වලට කියයි

පාරිභෝගික අධිකාරියේ අවසරය නොමැතිව පාන් පිටි මිල රුපියල් හතරයි ශත දහයකින් (4.10) සෙරන්ඩිබ් සමාගම වැඩිකර ඇති අතර එම වැඩි කිරීම වහාම ඉල්ලා අස්කරගන්නා ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉහත කී සමාගමට දැනුම් දී තිබේ.

පාරිභෝගික අධිකාරි පනතේ 8 (2) වගන්තිය යටතේ පාන් පිටි මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ අවසරය ලබාගැනීමට අත්‍යාවශ්‍ය වෙයි. සෙරන්ඩිබ් සමාගම එම මිල වැඩිකිරීම ඉල්ලා අස්කර නොගතහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද අමාත්‍යවරයා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා