යුද අපරාධ චෝදනාවලට නොබැඳී රටවල දැඩි විරෝධය

උපදේශන වාර්තාවෙන් නඟා ඇති

යුද අපරාධ චෝදනාවලට නොබැඳී රටවල දැඩි විරෝධය

යුද අපරාධ සිදුවූ බවට චෝදනා නඟමින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නඟන චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරන බව නොබැඳි ජාතීන්ගේ රටවල් රැසක් ප්‍රකාශ කර ඇත. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කරන බවද එම රටවල් ප්‍රකාශ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාව, පාකිස්තානය, දකුණු අපි‍්‍රකාව, මැලේසියාව, ඉන්දුනීසියාව මෙන්ම ලතින් ඇමරිකානු රටවල් රැසක්ද මෙලෙස එක්සත් ජාතීනගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතාවය පළ කර ඇත. දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදී අර්බුදය සම්පූර්ණයෙන්ම නිමා කිරීම සඳහා රජය ක්‍රියාත්මක කළ මානුෂීය ක්‍රියාදාමයේ දී මානව හිමිකම් කඩවීම ඇතුළුව යුද අපරාධ රැසක් සිදුවූ බවට චෝදනා නඟමින් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කර තිබේ.

එක්සත් ජාතීනගේ මහ ලේකම්වරයා මේ ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට පෙරද නොබැඳි ජාතීනගේ රටවල් රැසක් ඒ සදහා විරෝධය පළ කරන ලද අතර එවැනි කමිටුවක අවශ්‍යතාවක් නැතැයිද පෙන්වා දුන්හ. කෙසේ වුවද මේ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවක් මේ වන විට ශ්‍රී ලංකා රජය වෙත ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට රජය සූදානමින් සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා