බැන් කී මූන්ගේ වාර්තාව ආරක්ෂක මණ්ඩලය හමුවට

බැන් කී මූන්ගේ වාර්තාව ආරක්ෂක මණ්ඩලය හමුවට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. යුද ගැටුම් පැවති කාල සමයේ අපරාධ සිදු වූ බවට චෝදනා නඟමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර මෙහිදී පැන නැඟී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත්වී ඇත.

මේ අතර අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හා ඔහුගේ ජ්‍යෙෂ්ට උපදේශකයන් මේ දිනවල සමාලෝචනය කරන අතර එම සමාලෝචනයෙන් අනතුරුව අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි. මේ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ ඇතැම් කරුණු නිල නොවන ආකාරයට දැනටමත් ප්‍රචාරය කර ඇති අතර එහි තිබෙන ඇතැම් කරුණු අසත්‍ය හා පක්ෂග්‍රාහී කරුණු බව ශ්‍රී ලංකා රජය සඳහන් කරයි. කෙසේ වුවද එම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් නිසි පිළිතුරු ලබාදීමට සූදානම් බවද රජය අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා