තරුණ ජීවිත තුනක් බෙලිහුල්ඔයේ සැඟවෙයි

තරුණ ජීවිත තුනක් බෙලිහුල්ඔයේ සැඟවෙයි

පුතා දෙඅත් ඔසවලා මාව බේරගන්න කියලා වතුරේ ගිලෙන විට සංඥා කරලා තියෙනවා. එහෙත් එතැන සිටි අය ඒ ගැන තැකීමක් කරලා තිබුණේ නැහැ. ඒකෙන් උනේ අපේ රත්තරං දරුවෝ මිය ගිය එක යැයි මහනුවර පදියපැලැල්ල බෙලිහුල්ඔයේ අතුගංගාවක දිය නෑමට ගොස් මිය ගිය ශකිල අනුරුද්ද පෙරේරා තරුණයාගේ පියා වන චන්දන සිරි පෙරේරා මහතා පැවැසීය. අපි අම්මලාගේ ගෙදර ගියේ පසුගිය දා හිසතෙල් ගාන දිනයේ. ගිහින් බත්කාලා පසුව කට්ටිය කතාවුනා නාන්න යන්න. මාගේ දරුවයි මිය ගිය අනෙක් නංගියි දෙන්නයි ඉසුරුයි කට්ටිය ගියා. නිවසේ සිට කිලෝමීටර් 3 ක් විතර පයින් යන්න ඕන නාන තැනට. මට යන්න බැරි නිසා මම නැවතුනා. මමත් ගියානම් මේක වෙන්න දෙන්නේ නැහැ මගේ හිත වාවන්නේ නැත්තේ ඒකයි.

පස්සේ මම බාලපුතා සමග ගෙදරට වෙලා ඉන්න කොට තමයි කෝල් එකක් ආවේ මගේ දරුවෝ ගහගෙන යනවා. බේර ගන්න කවුරුත් නැහැ කියා. මම එතනට දිව්වා. යන විටත් සිදුවීමට ඇති හැම දෙයක්ම සිදුවෙලා ඉවරයි. මාගේ දරුවා වතුරේ ගසාගෙන යනකම් කව්රුවත් එයාව බේරගන්න හදලා නැහැ. පැය දෙකට පස්සේ තමයි එයාව ගොඩට ගත්තේ. චන්දන සිරි මහතා හඬමින් පැවැසීය. සිය වැඩිමහල් පුතාගේ වියොවෙන් ශකිලගේ මව වන උදේනි බණ්ඩාර මහත්මිය හැඩූ කඳුලින් පසුවේ. ශකිල දකුණු ආසියාවේ ළාබාලතම සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයෙකු ලෙස ක්‍රියාකරමින් සිට ඇත. පන්වායි ඊගල්ස් නමින් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවලදී සිය දක්ෂතා පෙන්වා ඇති තරුණයෙකි.

ශකිල                 උදයාංගනී

සංගීත ලෝකයේ ඉහළටම යෑමට ආසාවෙන් සිටි. ශකිලගේ සියලු බලාපොරොත්තු මේ ලෙස බෙලිහුල්ඔයේ අතු දිය දහරකදී ගිලී ගියේය. ශකිල පදිංචි බොරලැස්ගමුව, දොවලමුල්ල තාප්පකොටුව පාර ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පනයට පත්වී ඇත. ශකිලගේ ලොකු අම්මාගේ දියණිය 15 හැවිරිදි උදයාංගනී මදුවන්ති ප්‍රනාන්දු, ඇය දෙහිවල ප්‍රබෝධ බාලිකා විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවකි. සිය සහෝදරයා දියේ ගසාගෙන යනබව ඇගේ ඇස් දෙකෙන් බලාසිටීමට බැරි විය. අනේ මගේ අයියල ගසාගෙස යනවා කියමින් ඇයත් දියට පැන්නේ ගසාගෙන යන සහෝදරයන්ව බේරා ගැනීමට ය.

උදයාංගනීගේ මව වන කොයින් මැණිකේ මහත්මිය මෙසේ පැවසීය. එදා අපි සහෝදරයින් සියලුම දෙනාගේ දරුවෝ සමඟ මහගෙදරට එකතුවුනේ අවුරුද්දට හිස තෙල් ගෑමේ උත්සවයට. මගේ රත්තරං කෙල්ලත් එක්ක තමයි. පදියපැලැල්ලේ මගේ මහ ගෙදරට ගියේ. සියලු දෙනා බෙලිහුල්ඔයේ අතුගංගාවක් වන නිවසට ටිකක් එහා තිබෙන ඔය පාරකට නාන්න ගියා. ශකිල පුතා නනා හිටියේ. එයාව ගහගෙන ගියා. එයාව බේරගන්න තමයි මිය ගිය ඉසුර පුතා පැන්නේ. මේ දෙන්නම ගහගෙන ගියා.  ඒක දැකපු මගේ රත්තරං දුව වතුරට පැන්නා. මට කරගන්න දෙයක් නැහැ මම කෑගැහැව්වා. අර දරුවෝ ගහගෙන යනවා. ඒත් කවුරුත් පැන්නේ නැහැ ඒ වේලාවේ කොහොම ඉවසන්නද මගේ කෙල්ලව. ඒ ගමේම කට්ටියක් පසුව ගොඩට ගත්තා. ඇයට පණ තිබුනා. එහෙත් මහපාරට ගොඩක් දුර ගෙනියන්න ඕන. ඔහු ඒ වන විටත් වෙන්න සිදු වූ දේ වෙලා ඉවරයි. යැයි දරු දුක වාවාගත නොහැකි ශෝකයෙන් පැවසීය. දෙහිවල, පල්ලිදොර පාරේ මැන්ඩිස් පටුමගේ ඇගේ නිවසේ මෙම ශිෂ්‍යාවගේ දේහය තැන්පත් කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා