තැපෑලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

තැපෑලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

තැපෑලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ. තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම කමිටුව පත්කර තිබේ.

විශ්‍රාමලත් විනිසුරු සී. එන්. නිහාල් සිල්වා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීතිඥ එස්. විරිතමුල්ල, තැපැල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සී. මාලියද්ද යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විතය. තැපැල්පතිවරයාගේ බලතල අමාත්‍යාංශ ලේකම්වරයා පසුගියදා පවරා ගනු ලැබූ අතර ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන කටයුතු අවසාන වන තෙක් මෙම බලතල එසේම ක්‍රියාත්මක වේ.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා