නයිජීරියාවේ පෝලියෝ හිස ඔසවයි

නයිජීරියාවේ පෝලියෝ හිස ඔසවයි

උතුරු නයිජීරියාවේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය ත්‍රස්තවාදය හේතුවෙන් එම ප්‍රදේශයේ පෝලියෝ රෝගය තුරන් කිරීමට දරන ප්‍රයත්නය අඩාල වි ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එමනිසා අංග විකල භාවයට තුඩු දෙන පෝලියෝ රෝගය ලලිත් හිස ඔසවන බව වාර්තා වේ.

වසංගතයක් ලෙස පෝලියෝ රෝගය පැතිරෙන රටවල් තුන අතුරින් නියිජීරියාව එකකි. අනික් රටවල් දෙක නම් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයයි. මේ වසරේ වාර්තා වූ පෝලියෝ රෝගීන් 123 අතුරින් 72 ක් වාර්තා වි ඇත්තේ නයිජීරියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ගේ බළකොටු පවතින ප්‍රදේශවල පෝලියෝ මර්දන කටයුතු සිදු කිරීම අසීරුවී තිබීම වසංගත ත්ත්ත්වය වර්ධනය කිරීමට හේතුවි ඇති බව සඳහන් වේ. මෙම වසංගතය අසල්වාසි නයිජර් වැනි රටවලටද පැතිරයාමේ තර්ජනයක් ඇති බවද එම සංවිධානය කියයි.

කාන්තාවන්ට දරුඵල ලැබීමේ හැකියාව අඩුකරන සංඝටක පෝලියෝ එන්නත් වල අඩංගුවි තිබෙන බවට පැතිරයන ආරංවි ද පෝලියෝ මර්දන කටයුතු අඩාලවීමට තවත් හේතුවක් බව සඳහන් වේ. මෙම එන්නත් තුළින් අප්‍රිකාවේ මුස්ලිම් දරු උපත් සීමා කිරිමට ඇමෙරිකාව කුමණ්ත්‍රණය කරන බවට චෝදනා එල්ල වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා