තලෙයිබාන් ත්‍රස්තවාදීහු 31ක් මරුට

තලෙයිබාන් ත්‍රස්තවාදීහු 31ක් මරුට

පාකිස්තානයේ සටන්කාමීන් බහුලව ගැවසෙන වයඹ දිග බට්වා ගම්මානයේ දී ආරක්ෂක හමුදා සිදු කළ මෙහෙයුමකින් තලෙයිබාන් ත්‍රස්තවාදීන් 31 දෙනකු මරා දැමූණු බව වාර්තා වේ. මේ අතර හමුදා භටයන් තිදෙනකු සහ රජයේ සාම කමිටුවේ සාමාජිකයන් දෙදෙනකු ද ඝාතනයට ලක්වූ බව බලධාරීහු පවසති.

ඇෆ්ගනිස්තානයේ යාබද කුනා ප්‍රදේශයෙන් පලා ආ සටන්කාමීන් බට්වා ගම්මානයේ කඳවුරු ලා සිටි බව සඳහන් වේ. මෙම ගෝත්‍රික ප්‍රදේශය පාකිස්තානයේ අර්ධ ස්වයං පාලනයක් පවතින දිස්ත්‍රික්ක හතෙන් එකකි.

මෙහි සිටින සටන්කාමින් වැඩි පරිසක් යටපත් කොට ඇති අතර ඔවුන් මුලිනුපුටා දැමිමට තවදුරටත් මෙහෙයුම් කරගෙන යනු ලැබේ. පාකිස්තානයට ප්‍රහාර එල්ල කරන අල්කයිඩා සහ තලෙයිබාන් ත්‍රස්තවාදීන්ගේ බළකොටු මෙම පුදේශයේ පිහිටුවාගෙන සිටි.

ත්‍රස්ත විරෝධි මෙහෙයුම් හේතුවෙන් පාකිස්තාන් හමුදා භටයන් 3 000 කට අධික පිරිසක් දැනටමත් මිය ගොස් ඇත. කෙසේ වෙතත් මෙම මෙහෙයුම් ඉදිරියටත් කරගෙන යන ලෙස පාකිස්තානයට ඇමෙරිකාවෙන් දැඩි බලපෑම් එල්ල වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා