බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ හාරදහසක් බුද්ධගයාවට

බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ හාරදහසක් බුද්ධගයාවට

ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ සේවය කළ බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ 4000ක් මේ ජනවාරි මාසයේදී භාවනා වැඩසටහනක් සඳහා බුද්ධගයාවට පැමිණීමට නියමිතය. යුද මෙහෙයුම්වල යෙදීම නිසා ඇතිවන මානසික ආතතියෙන් මිදීම සඳහා මෙලෙස බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ බුද්ධගයාවට පැමිණෙති.

එම බ්‍රිතාන්‍ය සොල්දාදුවන් කණ්ඩායම් වශයෙන් පැමිණ බුද්ධගයාවේ සාරානාත් හි ආගමික වැඩසටහන්වලට සහභාගි වනු ඇත. මෙම බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සඳහා ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් සපයන බව බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව කියයි.

2013 වසර යහපත් කරගන්න පින්වත් ඔබට උපදෙසක්

එළැඹෙන්නා වූ නව වසරේ දී ඔබ දිනපතා උදෑසන පහන් පත්තු කර බුදුන් වැඳ .බුද්ධ පූජාව පූජාකර අධිෂ්ඨාන ප්‍රාර්ථනයක් කරන්නේ නම් ඒ ප්‍රාර්ථනය සඵල කරගත හැකි බව මීගහවෙල සුමනශාන්ත හිමියෝ පවසති. සෑම උදෑසනකම බුද්ධ පූජාව තියා ඔබගේ යම් ප්‍රාර්ථනයක් අධිෂ්ඨානයක් 7 වරක් 7 දිනක් කිියවන්න. ඉන්පසු අධිෂ්ඨානයක් කරන්න. මාගේ මේ සත්‍ය ක්‍රියාවේ ආනුභාවයෙන් මාගේ අපල දුරු වේවා. රැකියාවේ උසස්වීම් ලැබේවා. දරුවන්ගේ දියුණුව සැලසේවා කියලා.

මවුපියන්ට තමන්ගේ දරුවා අවනත නැතිනම් පහන් පත්තු කර බුද්ධ පූජාව තියා දරුවාගේ නම හත්වාරයක් සෑම උදෑසනකම කියවා මගේ අධිෂ්ඨානයේ බලයෙන් දරුවාගේ නොමනා ක්‍රියා දුරුවේවා; යහපත් කීකරු දරුවෙක් වේවා; යහපත් අනාගතයක් උදාවේවා කියල ප්‍රාර්ථනා කරන්න. මෙලෙස දවස් හතක් කරන්න. මස් මාළු අනුභවයෙන් වැලකී මෛත්‍රි භාවනාව වඩමින් මේ අධිෂ්ඨානය කිරීමෙන් බලගතු බව වැඩිවෙන බව උන්වහන්සේ තවදුරටත් පැවසූහ. එමෙන්ම නව වසරේ දී ඔබගේ නිවසට යහපත සැලසෙන තවත් පිංකමක් තිබෙනවා. සෑම නිවසකම උදෑසන පහන් පත්තු කර බුදුන් වැඳ අටවිසි පිරිත සජ්ක්‍ධායනා කිරීමෙන් ඉමහත් සෙත සැලසෙන බව මීගහවෙල සුමනශාන්ත හිමියෝ පවසති.

දිවා ගුහාව බැතිමතුන්ගෙන් පිරේ

සිරිපා සමය ඇරැඹීමත් සමගම දිවා ගුහාව වන්දනාමාන කිරීම සඳහා බෞද්ධ ජනතාවගේ උනන්දුව බෙහෙවින් ඉහළ ගොස් ඇත. ක්‍රි.ව. 1187 - 1196 අතර කාලයේ නිශ්ශංකමල්ල රජතුමා විසින් සිරිපා වන්දනා කළ බව දැක්වෙන සෙල් ලිපි දෙකක්ද මෙම ගුහාවේ දක්නට ඇත. මෙය සොයාගනු ලැබුවේ වසර 2593 ට පසුව බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති. කෙසේ නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය දිවාගුහාව ලෙස මෙතෙක් තහවුරු කර නොමැති බවයි.

පහන් වේවා රට මගේ

සියක් බණ පද එකට ගොනුකළ
මහා බණ මඩුවක් වගේ
මිනිස් සිතිවිලි මලින් සරසා
හමන මද සුළඟක් වගේ
ළසෝ ගිනිදැල් නිවා සනසා
ගලන දිය ඇල්ලක් වගේ
මේ උතුම් වූ දහම් පහනින්
පහන් වේවා රට මගේ

- රඹුකන සිද්ධාර්ථ හිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා