චරිත පාරිශුද්ධියෙන් ඇතිවන ප්‍රියමනාප බව

චරිත පාරිශුද්ධියෙන් ඇතිවන ප්‍රියමනාප බව

බෞද්ධයාගේ පරම අපේක්ෂාව සසරින් මිදීමයි. හෙතෙම සියලු පින් හා කුසල් සිදුකරනුයේ ඒ සඳහායි. මූලික වශයෙන් ලෝකෝත්තර විශුද්ධියකට ඉන්ද්‍රිය සංවරය ප්‍රමුඛ වෙයි. සංවරශීලී ජීවිතයකින් පාරිශුද්ධ බව සනාථවෙයි. කායික වාචසික හා මානසික වශයෙන් පාරිශුද්ධත්වයක් ඇතිකෙනා උදාර වූවෙකි.

හෙතෙම පංච ඉන්ද්‍රියන්ට පංචකාමයන් ලබාදීමට නොපෙලඹෙයි. ජීවිතය, ශරීරය පිළිබඳ යථාතත්ත්ව අවබෝධයක් ලැබගත් කෙනා පසිඳුරන් පිනවීම බොළඳ හා ග්‍රාම්‍ය එකක් බව අවබෝධ කරගනියි. බොහෝ විට කෙනෙකු අතෘප්තිකර හෝ සැනසීමකට පත්නොවීම නිසා නිරතුරු ලෞකික ලෝකෝත්තර වශයෙන් පරිහානියට පත්වෙයි.

චරිත පාරිශුද්ධියෙන් ඇති වන ප්‍රියමනාප බව කොතෙක් ද යන්න සම්බුදු රජුන්ගේ ඉගෙන්වීමක් සලෙළඛ සුත්‍රයේන් තොරතුරු පෙන්වයි. මජ්ක්‍ඩිම නිකායේ මූළපණ්ණාසකයේ, මූළ පරියාය වර්ගයට අයත් අටවන සූත්‍රය වන ‘සලෙළඛ’ සූත්‍රය අධ්‍යයනය කිරීම වටී. ‘සලෙළඛ’ යනු කෙලෙස් බිඳීමයි. කෙලෙස් සිඳලීම පිළිබඳ කෙරෙන විශේෂ ඉගැන්වීමක් ‘සලෙළඛ’ සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. මේ සූත්‍ර දේශනාව අප සම්බුදුරජුන් වදාළේ සැවැත් නුවර ජේතවනාරාමයේ දී මහචුන්ද තෙරුන්ගේ පැනයකට පිළිතුරු වශයෙනි.

දිනක් මහා චුන්ද හිමියන් භාග්‍යවතුන්වහන්සේ් වෙත එළඹ නමස්කාර කොට එකක් පසෙක ඉදිමින් පැනයක් අසන ලදී. ඒ කෙසේද යත්?

“යා ඉමා භනෙත අනෙක විහිතා දිට්ඨියො ලොකෙ උපපජජනති අතතවාද පටිසං යුතතා වා ලොකවාද පටිසංයුතතාවා. ආදි මෙවනුචො භනෙක හික්ඛුනො මනසි කරොතො. එව මෙතාසං දිටඨීනං පහානං හොති. එව මෙතාසිං දිටඪීනං පටිනිසස ගෙගා හොතීති යනුවෙනි.

“ස්වාමීනී, ආත්මය හා ලෝකය පිළිබඳ මිත්‍යා කල්පනාවන් හෙවත් අදහස් විදර්ශනා වැඩිවීමෙන් පහකළ හැකිද? එසේ පහ කිරීමෙන් පුද්ගලයාට චරිත පාරිශුද්ධිය ලැබිය හැකිද?” යනුවෙන් ඇසූ පැනයට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනු ලැබුවේ මෙලෙසිනි.

“චුද, එව මෙතං යථාභූතං සමම පඤඤාය. පසසතො එව මෙතාසි දිට්යීනං පභානං හොති පටිතිසසගෙගා හොති”

ආයුෂ්මත් චුÁද, ආත්මය හා ලෝකය පිළිබඳ ව යමෙක් ඇති කර ගන්නා මිත්‍යාදෘෂ්ටිය විදර්ශනා ඤාණයෙන් දකින්නේ නම් චරිත පාරිශුද්ධිය පමණක් නොව, විමුක්තිය ලැබිය හැකිය යනුවෙනි.

වැඩිදුරටත් කරුණු දක්වන බුදුරජුන්, චුන්ද යම්කිසි භික්ෂුවක් විතර්ක විචාරයන් සහිතව හෝ එයින් වෙන්ව හෝ ධ්‍යාන ලබයි ද, හෙතෙම තමා ධ්‍යානලාභී බව දැන මම කෙලෙස් නැසූ වෙක් යැයි අධිමානයක් ඇති කර ගනියි. පිළිවෙළින් ප්‍රථම ද්විතිය, තෘතිය හා චතුර්ත වශයෙන් ධ්‍යාන ලබා ගත්තද ඒවා ලෞකිකයි. නමුත් අධිමානයක් ඇති කර ගත්තා. හෙතෙම රහත් වූවේයැයි නොමඟ යයි. එසේම අකාසානඤචා යථාවාදී සප්තවිධ ධ්‍යාන යමෙක් ලබයි ද? අධිමාන සිතුවිලි නසා තමා කෙලෙස් නැසූවෙක් යැයි සිතයි. නමුත් ආර්්‍ය විනයෙහි කෙලෙස් නැසීමක් ඒ මඟින් වන බව නොකියයි. එය “සනතා එකෙ විහාරා” යනුවෙන් හඳුන්වයි. මෙයින් වැඩිදුරටත් පවසන්නේ ශාන්ත විහරණ ඇති බවයි. කෙටියෙන් පවසතොත් සප්තවිධ ධ්‍යාන යමෙක් ලබන්නේ ද එය කෙලෙස් නැසීමක් නොව. විහරණ ඇතිවීම සිදුවන බවට පැහැදිලි කරයි.

ඕනෑම කෙනකුට චරිත පාරිශුද්ධි ලබා ගැනී මත්, විමුක්තිය ලැබීමටත් පුළුවනි. ඒ සඳහා අත්හල යුතු අයහපත් ක්‍රියා හතළිස්හතරක් තිබෙන බවත් සප්තවිධ ධ්‍යාන ලැබීමෙන් ඉමහත් සැප විඳීන්නෝද ලද හැකිය.

පාරිශුද්ධ චරිතයක් ලැබීමට අත්හළයුතු දුර්ගුණ දැන ගැනීම වැදගත් වේ. ඒවා නම් :

ප්‍රාණඝතය, අදතතාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, සම්පප්‍රලාප, අභිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා සංකප්ප, මිත්‍යාචාවා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, ථීන මිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා, ක්‍රෝධ, වෛර, මකාව පලාස,කෛරටික, මයාකාරී, ථම්භ, අකිමාද, දුර්වචතා, කුසීත, මුටඨසසතා, විහිංසක, ස්වමතානුසාරි, සුරාපානි, කාමච්ඡන්ද, පාපමිත්‍රතා, අසසදධා, අහිරිකා, අනොතකපපී, අජපසුතා, දුපපඤ්ඤ, සන්දිට්ඨිපරාමාසි.

ඉහතින් පෙන්වන ලද අත්හලයුතු සියලුම අයහපත් දෑ කොපමණ නම් අප තුළ පවතිනවා ද යන්න කල්පනා කළයුතුයි. ප්‍රධාන වශයෙන් එකී සියලු දුර්ගුණ සිතින් කයින් වචනයෙන් තිදොරෙන්ම සිදුවීම අතිශයින්ම බිය ජනකයි. කෙනෙක් මේකී දුර්ගුණ වලින් පිරි ජීවිතයක් ගත කරන්නේ ද හෙතෙම කවදා නම් සසරින් මිදෙන්නද?

මම හරි පිරිසුදු කෙනෙක් යැයි අතැම්හු පුරසාරම් දොඩවති.එහෙත් නියම පිරිසිදු අයෙක් වීමට නම් අත්හළ යුතු කෙලෙස් කොපමණද? දහස් සංඛ්‍යාත වූ කෙලෙස් අතුරින් (කෙලෙස් 1,500කි)

ඉහත පෙන්වූ දුර්ගුණවලින් වෙන්වීම චරිතපාරිශුද්ධියට මඟ පාදයි. පාරිශුද්ධ චරිතයක් ගොඩනගා ගැනීමෙහි ලා අත්හළ යුතු දුර්ගුණ පැහැර කිරීම ක්‍රම පහකින් සිදුකළ යුතුවෙයි. එනම් :

1. සලෙලඛ පර්යාය
2. චිතතුපාද පර්යාය
3. පරි කකමන පර්යාය
4. උපරිභාව පර්යාය
5. පරිනිබ්බාණ පර්යාය වශයෙනි.

1. සලෙළඛ පර්යාය යනුවෙන් හඳුන්වන්නේ යමෙක් සත්වඝාතනය ආදී හතළිස් හතරක් වූ දුර්ගුªණ වල යෙදී සිටින්නේද, ඒ බව තමා දැන දැන ඉන් වෙන්වීමයි. තමා කිසිවිටෙකත් හිංසනයෙහි නොයෙදෙන අයෙක් යැයි අවෙ බීධයෙන් ක්‍රියා කිරීම මෙයින් අදහස් කෙරේ.

2.චිතතුපාද පර්යාය - සිතින්, කයෙන්, වචනයෙන් යන තිදොරින්ම අකුසල් දුරු කර කුසලයෙහි පිහිටීම මෙයින් අදහස් කෙරේ. නිරතුරුව තම සිත අකුසලය චෛතසිකවලට ඉඩ නොතබා කුසල සිත් උපදවා ගෙන ක්‍රියා කිරීම.

3.පරිකකමන පර්යාය - කෙනකු ප්‍රාණඝාත අකුසල් කරනවාද? තමා අභයදාන දීම කළයුතු කෙනෙක් සොරකම් කරන්නේද තමන් පරිත්‍යාගශීලී වීම කාමයන්හි හැසිරෙන කෙනාට තමා බඹසර රැකීමෙහි යෙදෙන බවත් ඉන් ලැබෙන සැනසීම පිළිබඳ ව ක්‍රියාවෙන්ම පෙන්විය යුතුය. ඒ අයුරින් සියලු දුර්ගුණවලට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම මේ තුළින් අදහස් වේ.

4. උපරිභාව පර්යාය – පාපකර්‍ම කිරීමෙන් අපාගත වෙනවා. දුගතිගාමිවීම සසර අනන්ත කාලයක් දුක් විඳීන්න හේතු වෙනවා. ඒ බව තමා හොඳීන් අවබෝධ කරගෙන ඉන් වැලකීමත් අන් අයව මෙයින් ගලවා ගැනීමත් වැදගත් වේ. විශේෂයෙන් පවේ බියජනක බව අන්අයට පෙන්වා දීම වැදගත්. පව් කිරීමෙන් පහත් තත්ත්වයට වැටෙන බවත් එසේ නොකිරීමෙන් උසස් කෙනකු වන බවත් පාපයෙන් විරමණය කියා දීම වටිනා කුසලයක් බවත් පෙන්වීම මෙයින් අදහස් කෙරේ.

5. පරිනිබ්බාණ පර්යාය – පාරිශුªද්ධ චරිතයක අවසාන ඵලය නිවන් පසක් කිරීමයි. තමා ඒ මගට බැසීමත් , අන් අයව ඉන් මුදවා ගැනීමත් අවබෝධයෙන්ම පුද්ගලයා විමුක්තිය සාදා ගැනීමට උත්සුක වීමත් වැදගත්. කෙලෙස් ප්‍රහීන කිරීමටම තමා වීර්යය කළ යුතුයි. එසේ ක්‍රියා නොකිරීම මෙමඟින් අර්ථවත් කෙරේ. මඩේ එරී සිටින්නකු ගොඩ ගැනීමට මඩේ එරී සිටින අයෙකුට නොපුළුවන. එරුනු තැනැත්තා ගොඩ ඇදීම කළ හැක්කේ ගොඩ ඉන්න අයකුටමය. එහෙයින් පාපයේ නියැළී සිටින්නන් ඉන් මුදවාගැනීමට යමෙක් සිතන්නේ ද ඒ සඳහා මූළික වශයෙන් තමා කුසලයෙහි නිරත විය යුතුයි.

ඒ බව බුදුරජුන් චුÁද හිමියන්ට වදාලේ ඉතාම අනුකම්පාවෙනි. “චුÁද මා විසින් ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්තෘවරයෙක් ලෙසින් සියලුදෙනාටම කිවයුතු දේ කියා ඇත. කළයුතු දේ කෙසේදැයි ක්‍රමවේද පෙන්වා ඇත. එබැවින් රුක්මුල්වල හෝ ශුන්‍යාගාරවල හෝ ඔබ කොතැනක විසුවත් ඒ ඒ තැන් වල සිට ධ්‍යාන වඩන්න. ඒ සඳහා අප්‍රමාදී වන්න. සැක සංකා දුරු කරගන්න.

පාරිශුද්ධ චරිතයකින් ඇතිවන ප්‍රියමනාප බව අතිශය විශිෂ්ටයි. පිළි වෙළින් කෙනෙකු පාරිශුද්ධත්වයක් කරා යොමු වීමට අනුගමනය කළ යුතු දේත් අත්හල යුතුදේත් ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේදත් දතයුතුයි. විශේෂයෙන් ධ්‍යාන ලැබීම මෙන්ම කෙලෙස් නැසුවා නොවෙයි.

එයින් මානයක් ඇති කොටගෙන තමා රහත් වූ අයෙක් බව සිතා අන් අය කෙරෙහි නිරතුරුවම සැක සංකා ඇති කරගෙන හෙලා දකී. එමඟින් නොදැනුවත්වම පිරිහීමට පත්වේ. ලෞකික ලෝකෝත්තර වශයෙන් ලද හැකි විශුද්ධියෙන් බැහැරවෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා