සිංහල බෞද්ධ සහෝදරයිනි

සිංහල බෞද්ධ සහෝදරයිනි

සිංහ ලේ ඇති උතුම් ආර්යවංශයට අයිති ආර්යවර්තයේ ජන පදයකින් නික්මුන නිර්භීත සිංහල ජනකායකින් පැවතෙන්නා වූ පරම්පරා හැත්තෑවක් සිංහනාද කරමින් සිටි සූර සිංහලයන්ට වාස භූමිය වූ මෙම තම්බපන්නිද්වීපය නොහොත් සිංහලද්වීප වාසි සිංහලයිනි,

අපගේ උතුම් ආගම දවසින් දවස පහත බසින්නේය. අප උතුම් ජාතිය දවසින් දවස පිරිහීමට යන්නේ ය. පූර්වකාලික සිංහලයන් විසින් නොකළා වූ පව් වර්තමාන සිංහලයන් විසින් කරනු ලැබේ. සතුන් මැරීම, හොරකම, පරස්ත්‍රී සේවනය, බොරුකීම, සුරාපානය පෙර සිටි සිංහලයෝ නොකළෝයි.

පරදේශ වලින් මෙහි පැමිණි අනාය¸ම්ලෙච්ඡ ද්‍රවිඪ යොනක මිථ්‍යාදෘෂ්ටි පාපීන් සේවනය භජනය පයුරුපාසනය කිරීමට පටන් ගත් තැන් පටන් උතුම් සිංහල ජාතිය පිරිහීමට පටන් ගත්තේ ය.

දැනට අප ඉතාම පහත් ගතියකට පැමිණි සිටින බව ප්‍රත්‍යක්‍ෂයි. ලොකෙහි අනිකුදු සියලුම ජාතීන් දියුණුවෙන මේ කාලයේ අප පමණක් පිරිහීමට යන්නේ මන්ද?

පරාර්ථකාමී

ලංකාවේ සිටින අනික් පරදේ්ශික ම්ලෙච්ඡ ද්‍රවිඩ ජනතාව අපේ අභිමුඛයේ දී ක්‍රමයෙන් විපුලභාවයට පැමිණි සිටින බව නොපෙනේ ද?

අපේ දියුණුවට වැඩ කරන පරාර්ථකාමි අනුකම්පා හිත් ඇති ගුරුවරුන් ද දුර්ලභයි.

ජනහිතකාරි දයාසම්පන්න අපේ ජාතියටද අපේ රටට ද හිතැති ජනප්‍රධානයන්වත් ධන සම්පත් ඇති නිර්ලෝභි ත්‍යාගවතුන්වත් අප අතර නැති බැවින් සිංහල මහා ජනකාය පිරිහෙන්නේ ය.

අපේ ශිල්ප කර්මාන්ත විද්‍යාශාස්ත්‍රාදිය අන්තර්ධානවීමට හේතු පැමිණ තිබේ.

ගිහි පැවිදි

සිංහලයිනි, විසකුරු සර්පයන් වටකර සිටින අපේ ගැලවීම ගැන කල්පනා කරනු මැනවි.

සිංහලයිනි, මත්පැන් බොන්ට පුැදු කරන මිථ්‍යාදෘෂ්ටීන් ගෙන් සහ කිසි දයාවක් අනුකම්පාවක් නැති පාරදේශික මන්ත්‍රීන් ගෙනුත් බේරෙන්නට උපා යොදනු.

අප ජාතිය නැති වීමට බීම හේතු වී තිබේ. ඉන් නිසා මේ පරජාතිකයන් විසින් ගෙනත් අප ගෙවල් ළඟ පුරවන මත්පැන් බොන්ට එපා.

මරක්කලයන් දිහා බලනු. උන් බොනවාද? දෙවතාවුන් සරණ යන දෙමළ වර්ගයා දිහා බලනු. උන් ඌරුමස්, හරක් මස් කනවාද?

ඉංගී‍්‍රසීන් දිසාව බලනු. උන් කොපමණ වීර්ය කොට ධන සපයන වාද? තේ, රබර් වැවීම උන් අතට වී තිබේ.

වෙළඳාම මරක්කල දෙමළ ජාතීන් අතට ගොස් තිබේ. අප නැති කරන මත්පැන් වෙළඳාම පමණක් සිංහලයන් විසින් කරනු ලබන්නේ මන්ද?

ජාතිවාද නිකායවාද දෙක නිසා අපේ ගිහි පැවිදි දෙකොටස අතර කිසි සමගිකමක්වත් මෛත්‍රීයක් වත් නැත.

ඉන් නිසා අප්‍රමාදව අප සියලු දෙනාම සීලයෙහි පිහිටා අපේ ජාතිය, අපේ උතුම් ආගම දියුණු කිරීමට වීර්ය කටයුතුයි.

හරක්මස්, ඌරුමස් කෑම අත්හැර මත්පැන් පානය අත්හැර මෛත්‍රිය වර්ධනය කරමින් සමගිය වර්ධනය කරමින් අපේ දූ පුතුන්ට ශාස්ත්‍ර ශිල්ප ඉගැන්වීමට අනර්ථයේ වියදම් කරන ධනය වියදම් කටයුතුයි.

සිංහල ජාතියට ජයවේවා!

බුද්ධාගම වැජඹේවා!

(සි. බෞ. 1911/8/5)

“ශාසන පරිහානියට ලකුණු”

මුලුලොව බුද්ධාගම අදහන ජනයාගේ සංඛ්‍යාව පණස් කෝටියක් පමණ වන්නේය. වර්ෂ 700 කට පුර්වයේදී දඹදිව බුද්ධාගම මහමත් භක්තිකයන් විසින් විනාශ කර දමන ලදී. දඹදිව ශාසනය හීනවෙන්ට පටන්ගත්තේ මීට වර්ෂ 100 කට ප්‍රථමයි පළමුකොට ශාසනය හානියට පත් කළේ එකල සිටි අලජ්ජි දුස්සීල කාමභොගී භික්‍ෂුහුය.

මේ භික්‍ෂුහු සූත්‍රාභි ධර්ම විනය අත්හැර තන්ත්‍ර මන්ත්‍ර ඡ්‍යොතිඞශාස්ත්‍ර භාවිත කරමින් ධන උපදවන්ට කාලය ගත කළෝයි. දිනෙන් දිනම ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව හීනවීමට කටයුතු කරණ භික්‍ෂූන් නිසා අනාගතයේ දඹදිව බුද්ධාගම අන්තර්ධාන වන්නේ යයි සීලසම්පන්න බෝධිසත්ව චරිත ඇති ශ්‍රී ඥාන දීපංකර මහා ස්ථවිරපාදයන් වහන්සේ ප්‍රකශ කොට හිමවත් ප්‍රදේශයට වැඩියේය.

දුස්සීල

දුස්සීල අලජ්ජි භික්‍ෂූහු පාප ක්‍රියා කරන්නටද තිරශ්චින විද්‍යා භාවිත කරන්ටද ලොභසිත් උපදවා ධන සම්භ කරන්නටද කාලය ගත කළෝය. විෂ්ණු, කාර්තික, කාලි, තාරා, දුර්ගා, මදනමොහිනී ආදී දෙවතාවුන්ට පූජාදිය කිරීමට මාර්ගය තැනුවෝය. මන්ත්‍ර තන්ත්‍ර, ඡ්‍යොතිඞශ සත්‍ර බොහෝ කොට පුරුදු කරමින් සීලසංවරාදිය ගැන කිසිත් නොසලකා භික්‍ෂූහු ක්‍රියා කළෝය. ලංකාවටද මෙවැනි විපත්ති කාලයක් පැමිණ තිබේ.

නායක කම් කරණ සමහර ථෙරානුථෙර ප්‍රමුඛ භික්‍ෂුන් දැඩි ලෝභ සිත් උපදවා ධන රැස් කිරීමට නොයෙක් උපාය යොදමින් සීල සමාධි ප්‍රඥා වර්ධනය කිරීමට කිසිසේත් වීර්ය නොකොට තිරශ්චීන විද්‍යා භාවිත කරමින් ඡ්‍යොතිඞශාස්ත්‍ර ක්‍රමයට වැඩ අල්ලමින් කාමහොගි ගෘහස්තයන් මෙන් කටයුතු කරමින් ධන රැස්කිරීමට නොයෙක් උපා යොදමින් ගෙහසිත උපෙක්‍ෂාවෙන් කල් යවන බව දකිනු ලැබේ.

උතුම් ගුණ

මිථ්‍ය දෘෂ්ටිය එක අතකින් දියුණුවේගන යන්නේය. මාරපාක්‍ෂික පාපතර මිථ්‍යාදෘෂ් ටිකයන්ට බලය ලැබී තිබෙන මේ කාලයේ භික්‍ෂූන් වීර්ය වඩා මිථ්‍යාදෘෂ්ටිය නැතිකර දැමීමට ක්‍රියාමාර්ග ආරම්භ කටයුතුවූ තැන ඒ ඇත්තන්ගේ ක්‍රියාවලින් මිථ්‍යා දෘෂ්ටින්ට වැඩිබල ලැබීමට හේතු වී තිබේ. රෝමානු රටවල පූජකවරුන් මෙන් භික්‍ෂූන්ද ජීවිතය ගත කරන්නට පටන් ගත්තොත් ඉක්මනින්ම බුද්ධ ශාසනය ලංකාවෙන් නැති වෙයි. නායක අනුනායක කම් වැඩිකර ගැනීම ශාසන දියුණුවට හේතු නොවන්නේය. අභිජ්ඣා, ව්‍යාපාද, ථම්භ, සාරම්භ, මක්ඛ, පලාස, මොහ, මදමාන, ඊෂ්‍යාදිය වැඩීම හේතුකොට ගෙන භික්‍ෂුන්ගේ උතුම් ගුණ නැති වීමෙන් ශාසන හානියක්ම වන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා