අරි සඟ ගුණ

අරි සඟ ගුණ

නිමල නිසල දිය පිරී
විලක සිරිය සිත දැරී
පැහැය සුවඳ ඇති සිරී
සිතුවිලි පියුමන් සරී

මෙත් කරුණා ගුණ දැරූ
දිවි සිල් බවුනින් පිරූ
සවි සත්වග කළ ගරූ
බුදු පුතු පිළිවෙත් සරූ
බවදුක සිත සිත දරා
සසර නිබඳ සැරි සරා
මග හෙළි වී ලොව් තුරා
කෙලෙසුන් තිර ඇත ඉරා

ගමනට යළි ඉඩ නොදී
දුරුකොට කෙලෙසුන් පොදී
විදසුන් මග සම වැදී
සමාධියේ සුව විඳී
ලොවම උතුම් පින් කෙතයි
නව ගුණ මී පිරි විතයි
විනෙ දන වෙත දුන් සෙතයි
කළණ මිතුරු සම්පත යි

දිරී සිතින් නොනැවතී
පිරූ කුලුණු නැණ ගතී
අරී මගට වන් නිතී
නමදිමු ගුණ අරුමැති
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා