උතුම් සමාජයක් ගොඩනැගීමට ඉවහල්වන සිව්බඹ විහරණ

උතුම් සමාජයක් ගොඩනැගීමට ඉවහල්වන සිව්බඹ විහරණ

අපට උවැසි ආශීර්වාද බොහෝමයක් ගෙන දෙන්නා වූ ධර්ම කරුණු බුද්ධ දර්ශනය තුළ බොහෝය. මේ ධර්මතාවන් අතුරින් උතුම් සමාජයක් ගොඩනැගීමට ඉවහල්වන කරුණු සතරකි. ඒවා නම් සිව්බඹ විහරණයි. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා යන මෙම සතර බ්‍රහ්ම විහරණයන් වලින් හෙබි පුද්ගලයන් බවට අපට පරිවර්තනය වීමට හැකි නම් අප සමාජයේ තිබෙන්නා වූ විෂමතා දුරැලීමට අපට හැකි වේ.

මෙත්තා නම් මෛත්‍රියයි. ධනවාදය හමුවේ ධනය පසුපස හඹා යන්නා වූ වත්මන් මිනිසා තුළින් මියෙදෙමින් පවතින්නා වූ ගුණාංගයක් ලෙස මෛත්‍රිය හැඳින්විය හැක. මෛත්‍රිය වඩන්නා වූ තැනැත්තා තුළ බොහෝ යහපත් චර්යාවන් වේ. සතර බ්‍රහ්ම විහරණයන් අතර දෙවැනියට ඇති ගුණාංගය වන්නේ කරුණාවයි. ඉකාරුණිකත්වය” නම් අන් අයගේ දුකේ දී ඔවුන්ට පිහිට වීමට අප තුළ ඇති දයාණුකම්පාවයි. කරුණාව ලොව තුළ පතල කරවුයේ අප මහා කාරුණික බුදුපියාණන් වහන්සේය. උන්වහන්සේ බොහෝ පිරිසකට කරුණාව දැක්වූ සේක.

සිව් බඹ විහරණයන් අතර ඇති මුදිතාව ද අද සමාජයේ විෂමතා දුරැලීමට මහ¼ගු පිටිවහලක් ගෙන දෙන්නා වූ ගුණාංගයකි. අන්යගේ සතුටේ දී සතුටු වීමෙත් මැදහත් දිවියක් ගෙවීමට, මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත්වීමට අප උත්සාහ දැරිය යුතුය. වත්මන් සමාජයේ මිනිසා තුළ ඇත්තේ ඊර්ෂ්‍යාව යි. අන් අයගේ ගැටලුවලදී ඔවුන්ට නැගී සිටීමට අත දෙනවා වෙනුවට ඔවුන්ට පහර දීමට මිනිසා පුරුදුව ඇත.

වත්මන් මිනිසා තුළින් උපේක්ෂාව ද ඈත් වී ඇත. උපේක්ෂාව නොමැති වීමෙන් සමාජය තුළ අධර්මය රජ කිරීමට පටන්ගෙන ඇත. මිනිසා තුළ උපේක්ෂා සහගත සිතුවිලි ජනිත නොවීමෙන් අද වන විට සමාජයේ බොහෝ ගැටලු පැන නැගී ඇත.

එච්. ඒ. ඩී. තිලිණි මධුෂාණි

ධර්මාචාර්ය ශ්‍රේණිය

ආනන්ද දහම් පාසල – ආනන්දාරාමය

මහහීනටියන්ගල ස්වාධීන වාර්තාකරුවෙකු වීමට ඔබටත් ආරාධනා

ඔබේ දහම් පාසලේ සහ අනෙකුත් අවට දහම් පාසල් හි සිදුවන විශේෂ සිදුවීම්, සිසු නිර්මාණ, චිත්‍ර, රචනා අප වෙත වාර්තා කිරීමට ඔබට හැකියාවක් පවතී ද? එසේ නම් “ආලෝකෝ උදපාදි” පුවත්පතේ ස්වාධීන වාර්තාකරුවෙකු වීමට අපගෙන් ඔබට ආරාධනා! ඔබේ නිර්මාණ, චිත්‍ර, රචනා සහ ප්‍රවෘත්ති සතියකට පෙර අපට එවන්න.
 

මෙන්න අපේ ලිපිනය -
සංස්කාරක අලෝකෝ උදපාදි ළමා පිටුව
35, ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස්,
කොළඹ 10.
දුරකථන අංකය - 2429245

කලගුණ සැලකීම

මේ ලෝකයේ කලගුණ සලකන අය ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයකි. මේ ලෝකයේ නොයෙක් තැන්වල අම්මලා, තාත්තලා පාරේ හිඟාකකා ඉන්නවා; ඒ ඇයි ද? ඒ අම්මලාගේ තාත්තලාගේ දුවලා පුතාලා සලකන්නේ නැතුව බලන්න සමහර ළමයි අම්මට හරි ආදරෙන් සලකනවා; තාත්තට හරි ආදරෙන් සලකනවා. සීයට, ආච්චිට කොතරම් ආදරෙයි ද? ඒ වාගේ ද?

අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේත් කලගුණ සැලකුවා. ඒ තමයි දෙව්ලොව සිට අම්මට ධර්මය දේශනා කරලා අම්මව සෝවාන් ඵලයට පත්කළා. ඒ වාගේම දැන් ඉන්න අය අපේ අම්මා කියලා කන්න දීලා බොන්න දීලා හදා වඩා ගන්නේ නෑ. හැබැයි එහෙම නැත්තේම නෑ. හොඳ අයත් ඉන්නවා. මම මේ කියන්නේ පාරවල්වල හිඟාකකා ඉන්න අම්මලා මම ගොඩක් දැකලා තියෙනවා. ඒවාගේ අපේ බුදුහාමුදුරුවෝ තවත් විදිහකින් කලගුණ සැලකුවා.

බුදුරදුන් තමාට සෙවණ ලබා දුන් බෝ ගස යට වැඩ සිටියා. ඒ නිසා ඒ බෝ ගස දිහා බලාගෙන දවස් හතක් හිටියා. ඒ වාගේම කලගුණ සලකන හැටි අපට කියලා දුන්නේ අපේ බුදුහාමුදුරුවෝයි. අපි ඒ බුදුහාමුදුරුවෝ කියපු කරපු දේවල් කරනවා නම් කොතරම් හොඳද?
 

හම්බේගමුවේ සුජාත හිමි

නවීන වර්ගය–විද්‍යෝදය පිරිවෙණ - මාලිගාකන්ද

බුද්ධ චරිතයෙන් මතු කරගත හැකි නායකත්ව ලක්ෂණ

ශීලයෙන් ද, ගුණයෙන් ද ප්‍රඥාවෙන් ද වෙන කිසිවෙකු හා සම නොවන අප මහා බුදුරජාණන් වහන්සේ අසමසම වූසේක. බුද්ධ චරිතයේ සෑම අවස්ථාවකදීම අපට ආදර්ශ ලබා ගැනීමට පුළුවන. බුදුන්වහන්සේ ශ්‍රේෂ්ඨ නායකයෙකි. නායකයකු යනු තමන් ද යහපතෙහි යෙදෙමින් අනුන්ව ද යහපතෙහි යොදවන්නාය. බුදුරදුන් ශ්‍රේෂ්ඨ නායකයකු වන්නේ උන්වහන්සේ තම ශ්‍රාවකයින්ට හොඳ නායකත්වයක් ලබා දුන් නිසාමය. තම පළමු ධර්මදූත කණ්ඩායමට මෙසේ දේශනා කරමින් “මහණෙනි, ගම් නියම් ගම් හි සැරිසරන්න, දෙදෙනෙක් එක මඟක නොයන්න, මුල මැද අග මිහිරි වූ ධර්මය දේශනා කරන්න” සැබෑ නායකයකුගේ ලක්ෂණ විදහා පෑහ. එමෙන්ම තම ශ්‍රාවක පිරිසට උපදෙස් පමණක් දෙමින් තමා විවේකීව ගත කළේ නැත. තම ශ්‍රාවක පිරිසට නිබඳව ම ආදර්ශයක් වෙමින් උන්වහන්සේ ද ඔවුන් සමඟ එකතුව ක්‍රියාවේ යෙදුණාහ. හික්මීම, සංවරය, ඉවසීම, තැනට සුදුසු නුවණ, උත්සාහවත් බව ආදිය විශිෂ්ට නායකයකු ලෙස ලොවට පෙන්වා දීමට උන්වහන්සේ ක්‍රියා කළ සේක. එබැවින් අප මහා බුදුරජාණන්වහන්සේ ශ්‍රේෂ්ඨ නායකයකු බව මින් පැහැදිලි වේ.
 

බී. දිල්කි අප්සරා

සුසීමාරාම දහම් පාසල- සුසීමාරාමය, කටුකුරුන්ද

අනිමිසලෝචන පූජාව පැවැත්වීම

හම්බේගමුවේ සුජාත හිමි

විද්‍යෝදය පිරිවෙණ - මාලිගාකන්ද

බෞද්ධ දැරිය

පමුදි පෙරේරා

3EA සුජාතා විද්‍යාලය

 

අපේ පන්සලේ චෛත්‍ය

සිළුණි සනිත්‍යා විජේසිංහ

යොෂිඩා ළදරු පාසල

දනට වඩින භික්ෂූන්

මහවැලිගමුවේ ධම්මසිද්ධි හිමි

විද්‍යෝදය පිරිවෙණ - මාලිගාකන්ද

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා