ලිබියාව විදේශ කටයුතු අමාත්‍යාංශයට බෝම්බ ප්‍රහාරයක්

ලිබියාව විදේශ කටයුතු අමාත්‍යාංශයට බෝම්බ ප්‍රහාරයක්

ලිබියාවේ බෙන්ගාසි නගරයේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශ ගොඩනැඟිල්ලකට ඊයේ එල්ල වු ප්‍රබල ප්‍රහාරයකින් දැඩි හානි සිදුවී ඇත.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ බෙන්ගාසිහි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී වසරක් පිරීමත් සමඟයි. පසුගිය වසරේ ප්‍රහාරයෙන් ඇමෙරිකානු තානාපතිවරයා ඇතුළු නිලධාරීන් හතර දෙනෙක් මිය ගියහ.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෙය කාර් බෝමබ ප්‍රහාරයකි. එම ප්‍රහාරයෙන් අවට තිබූ මහ බැංකු ප්‍රාදේශිය කාර්යාල මූලස්ථානයක් ද විනාශ වී ඇත.

වසර 2011 ලිබියාවේ හිටපු ආඥාදායක පාලක මුවමර් ගඩාෆි බලයෙන් පලවා හැරීමේ කැරැල්ලේ තොටිල්ල වූ බෙංගාසි හි මෑතක සිට ප්‍රචණ්ඩත්වය උත්සන්නවී තිබේ.

මෙම ප්‍රහාර විශේෂයෙන් එල්ල කරනු ලබන්නේ හමුදාවට සහ කලින් පැවති රජයට හිතවත්කම් කියන විනිසුරුවන්ටයි. මීට අමතරව රාජ්‍යතාන්ත්‍රිකයන් සහ බටහිර හිතවාදීන් ද මෙවැනි ප්‍රහාරවල ඉලක්ක වීඇත. ප්‍රහාරවලට වගකිව යුත්තේ අන්තවාදී ඉස්ලාම්වාදීන් බව විශ්වාස කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා