ඇෆ්ගනිස්තානයෙන් යන්න අපේ අදහසක් නෑ

ඇෆ්ගනිස්තානයෙන් යන්න අපේ අදහසක් නෑ

- අමෙරිකාව

අමෙරිකා හමුදා ඉන්නවට අපිත් එකඟයි

 - ඇෆ්ගනිස්තානය

ඇෆ්ගනිස්තානයේ හමුදා සේවයේ යෙදී සිටින සියලුම විදේශීය භටයන් වසර 2014 දී ඉවත් කර ගැනීමට කළ තීරණයේ යම් වෙනසක් සිදු කරනු ඇතැයි ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු විශේෂ නියෝජිත ජේම්ස් ඩොබින්ස් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ ඉන් පසුවත් විදෙස් හමුදා භටයන් සුළු පිරිසක් රඳවා තැබීමට ඇෆ්ගනිස්තානය මෙන්ම ඇමෙරිකාව ද එකඟ වී ඇති බවයි. වසර මුලදී ජනාධිපති ඔබාමා පවසා තිබුණේ වසර 2014 දි සියලුම විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගන්නා බවයි.

මේ අනුව වසර 2015 න් පසුවත් ඇමෙරිකානු නේටෝ භටයන් මෙන් ම වෙනත් විදෙස් හමුදා භටයන් දහස් ගණනක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

දැනට ඇෆ්ගනිස්තානයේ සේවය කරන විදෙස් භට හමුදා 100 000 ඉක්මවයි. ඉන් තුනෙන් දෙකක්ම ඇමෙරිකානු හමුදා භටයෝ වෙති.

ඇෆ්ගනිස්තානයේ සංහිඳියාව ගොඩනැඟීමට නව පාකිස්තානු අගමැති නවාස් ෂරීෆ් දරන උත්සාහය ඩොබින්ස් ගේ පැසසුමට ලක් වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා