තුර්කියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දැඩි වෙයි

තුර්කියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දැඩි වෙයි

දකුණු තුර්කියේ පැවති විරෝධතාවක දී 22 හැවිරිදි උද්ඝෝෂකයෙක් ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් කුපිත වූ පිරිස් ඉස්තාන්බුල් නගරයේ විරෝධතා පවත්වා ඇත. ඊට එකතු වී සිටි දහස් ගණන් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් බුලට් ප්‍රහාර එල්ල කර තිබේ. ටක්සිම් චතුරස්‍රරයේ පැවැත්වු මෙම විරෝධතාවට 3000 ක් පමණ එක්වී ඇත .

ටක්සිම් චතුරස්‍රරය අධිරාජ්‍යවාදයේ මළගම වනු ඇතැයි විරෝධතාකරුවෝ සටන්පාඨ කියමින් හඬනඟා තිබේ. පසුගිය ජූනි මාසයේ සිට තුර්කියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන්නේ මෙහියි.

විරෝධතාකරුවන් ටක්සිම් චතුරස්‍රයට ඇතුල් වීම පොලිසිය බලය යොදා වළකා ඇත .

කඳුළු ගැස් හේතුවෙන් අසල තිබූ ක්‍රීඩාංගනයක පැවති පාපන්දු තරඟයක් ද නතර කිරීමට සිදුවී තිබේ.

විසි දෙහැවිරිදි අහමට් අටකාන් පසුගිය සඳුදා රෝහලක දී මිය ගියේ පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් බහාලුමක් වැදීමෙන් හිසට සිදුවූ අනතුරක් හේතුවෙන් බව විරෝධතාකරුවෝ පවසති.

කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ ඔහු මිය ගිය් වහළක් මත සිට පොලිසියට ගල් ප්‍රහාර එල්ල කරන අතරවාරයේ දී බිමට ඇඳවැටිම නිසා බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා