කළුතර ගොවි පවුල්වලට නොමිලේ උදලු තල

කළුතර ගොවි පවුල්වලට නොමිලේ උදලු තල

කළුතර දිස්ත්‍රික්කයේ වගාකරුවන් සඳහා කෘෂි උපකරණ බෙදාදීමේ ව්‍යාපෘතිය පානදුර ප්‍රාදේශීය ලේකම් උපකරණ කොට්ඨාසයේ අයැදුම්කරුවන්ට උදලුතල බෙදාදීම ඉකුත්දා වාද්දුව මොල්ලිගොඩ ආයුර්වේද රෝහලේ පංචකර්ම මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී සිදු කෙරුණි.

බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා එම තුන් මහල්පංචකර්ම මධ්‍යස්ථානයට බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන රුපියල් ලක්ෂ හත්සිය හැත්තෑ හතක මුදලක් ලබා දී තිබුණි.

පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගාකරුවන් පණස් දෙනෙකුට උදලුතල බෙදාදුන් අතර එම උදලුතල තොගයේ වටිනාකම රුපියල් පණස් දහසක් බව පළාත් ඇමැති ජගත් අංගගේ කීවේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා