මාරක වංගුවේ පාලමක් ඇඳි නැතිව ලෙඩක්

මාරක වංගුවේ පාලමක් ඇඳි නැතිව ලෙඩක්

මැවනැල්ල හෙම්මාතගම මහාමාර්ගයේ හෙම්මාතගම නගරයට ආසන්නව ඇති වංගුව ඉතා අවදානම්ය. මේ ස්ථානයේදී අනතුරුද සිදුවී ඇත. මේ වංගුවට ආසන්නයේ ඇති පාලමට යටින් ජලාශයක්ද තිබේ. ප්‍රදේශයේ ජනතාව දිය නාන්නට එන්නේ ඒතැනටය.

මාරක වංගුවේ ඇති අවදානම එසේ දිය නෑමට එන පිරිසගේ ජීවිතවලටද බලපෑම් ඇති කරවන්නට පුළුවන. එබැවින් මේ පාලමට ඇන්දක් සවිකර දෙන්නැයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඊට විසැඳුමක් ලැබී නැත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා