ඇමෙරිකාවට එන ගුවන් යානාවල පාවහන් බෝම්බ පිපිරවීමේ බියක්

ඇමෙරිකාවට එන ගුවන් යානාවල පාවහන් බෝම්බ පිපිරවීමේ බියක්

එක්සත් ජනපදය කරා පැමිණෙන අන්තර් ජාතික ගුවන්යානාවල පාවහන් බෝම්බ පිපිරවීමේ තර්ජනයක් පවත්නා බවට එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් පෙරේදා අනතුරු ඇඟවීමක් සිදුකර ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවල පලව තිබේ.

නිජබිම් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවුමේ සඳහන්ව ඇත්තේ මෑතකදීම අනාවරණය වුනු බුද්ධි අංශ තොරතුරු වලට අනුව අපරාධකරුවන් විසින් මගී ගුවන් යානාවලදී පාවහන් තුල සඟවනලද බෝම්බ පිපිරවීමේ හැකියාවක් පවත්නා බවය.

මේ නිසා ගුවන් මගීන් දැඩි පරීක්ෂාවට ලක්වනු ඇති සේම ගුවන්සේවාවන් මගී පාවහන් කෙරේ දැඩි අවධානය යොමනු ඇතැයි එන් බී සී රූපවාහිනිය වාර්තා කර තිබේ .

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් තෙමසකට පසු පැරිස් -මියාමි ගුවන් යානයකදී රිචර්ඩ් රීඩ් නම් තැනැත්තා සිය පාවහනේ සැඟවුනු බෝම්බයක් පිපිරවීමට තැත්කළ තැන් පටන් සමහර ගුවන් තොටුපොලවල ආරක්ෂණ පරීක්ෂාවේදි‍්‍ මගීන්ට පාවහන් ඉවත්කිරීමට සිදුව තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා