දේශීය අල ගොවියාට සාධාරණයක්: අඩු අාදායම්ලාභී පාරිභෝගිකයාට සෙතක්

දේශීය අල ගොවියාට සාධාරණයක්: අඩු අාදායම්ලාභී පාරිභෝගිකයාට සෙතක්

රඹුක්කන පවුල් 7500කට අර්තාපල් කිලෝ දෙක බැගින්

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කාන්තාවකට අර්තාපල් පාර්සලයක් පිරිනැමු අයුරු.
ඡායාරූපය රඹුක්කන උතුර සමූහ

මෙරට ගොවීන්ගෙන් මිලට ගත් අර්තාපල් සමෘද්ධිලාභින් හෙවත් දිවිනැගුම සාමාජිකයින්ට නොමිලේ බෙදාදීමේ වැඩපිළිවෙළක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කරයි.

ෙද්ශීය අල ගොවියාගෙන් මිලට ගත් මෙරට අර්තාපල් රටපුරා සමෘද්ධිලාභී පවුල්වලට බෙදා දීමේ වැඩපිළිවෙළක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ යටතේ මේ දින වල ක්‍රියාත්මක වේ.

මෙරට අර්තාපල් ගොවීන්ගේ අස්වැන්න සහතික මිලකට ලබාගැනීමෙන් අනතුරුව එම අස්වැන්න සමෘද්ධිලාභීන් හෙවත් ජනසවි ලාභීන්ට නොමිලේ බෙදා දීමට ආර්ථික සංවර්ධනඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කිරීමෙන් පසු එම වැඩපිළිවෙළ යටතේ රඹුක්කන මැතිවරණ කොට්ඨාශයේ සමෘද්ධිලාභීන්ට නොමිලේ අර්තාපල් බෙදාදීමේ කටයුතු පසුගියදා ආරම්භ විය.

රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ සමෘද්ධිලාභීන් හෙවත් දිවිනැගුම සාමාජික පවුල් සංඛ්‍යාව 7500 ක් පමණ වේ.

එම සෑම පවුලකටම මෙම වැඩපිළිවෙළ යටතේ අර්තාපල් කිලෝ 2 බැගින් නොමිලේ බෙදා දෙන බව රඹුක්කන ප්‍රාදේශීය ලේකම් මොහාන් විජේරත්න මහතා කීය.

රඹුක්කන පින්නවල බැංකු ගොඩනැගිල්ලේ දී මෙම අර්තාපල් නොමිලේ බෙදාදීමේ වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී මන්ත්‍රිවරයා සදහන් කළේ මෙරට අල ගොවියාගේ නිෂ්පාදන වලට සාධාරණ මිලක් මෙන්ම අඩු ආදායම්ලාභී සමෘද්ධි පවුල් අතට මෙසේ අර්තාපල් බෙදාදීම හරහා නිෂ්පාදකයාටත් අඩු ආදායම්ලාභී පාරිභෝගිකයාටත් සාධාරණයක් ඉටුකිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා