ජංගම සේවා වැඩසටහනක්: ප්‍රජා සේවා රැසක් යක්කල දී

ජංගම සේවා වැඩසටහනක්: ප්‍රජා සේවා රැසක් යක්කල දී

ගම්පහ පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් , දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමති පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ සහභාගීත්වයෙන් යක්කල දී පැවති ජංගම සේවයේදී පැළ බෙදා දීමක්ද සිදුවිය. පැළයක් ප්‍රදානය කරන පුරපති එරංග සේනානායක මහතා - නියෝජ්‍ය ඇමති පණ්ඩු බණ්ඩාර නායක මහතා සමඟ ගම්පහ පොලිස් අධිකාරී විජිත බි කොමසාරුමහතාද මෙහි වෙති.

ගම්පහ මහ නගර සභාවේ පුරපති එරංග සේනානායක මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ගම්පහ දිසාවට විශාල සංවර්ධන වැඩ කොටසක් කර ඇත. කෙටි කාලයක් තුළ ගම්පහ නාගරික බල ප්‍රදේශයේ මංමාවත් ඇතුළු අනිකුත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කර ඇති වැඩ කොටස් සම්බන්ධයෙන් ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස මගේ කෘතඥතාව පුද කරමි. යැයි දේශීය වෛද්‍ය නයෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ ගම්පහ මහ නගර සභාවට අයත් යක්කල උප කාර්යාල පරිශ්‍රයේ 25 දින පැවති විශේෂ උත්සව සභාව අමතමිනි.

ගම්පහ මහ නගර සභවේ පුරපති එරංග සේනානායක මහතා ප්‍රමුඛ එක්සත් ජනතා සංවිධානයේ නාගරික මන්ත්‍රී මණ්ඩලය පත් වී තෙවසරක් පිරීම නිමිතිකොට25 දින ජංගම සේවා වැඩ සටහනක්, ප්‍රදර්ශන වොලිබෝල් තරගයක් , සහ හිටපු නියෝජ්‍ය නගරාධිපති සෝමසිරි සේනානායක අනුස්මරණ පාපැදි සවාරිය ආරම්භ කිරීම, සහ වෛද්‍ය සායන, ලේ දන්දීමේ වැඩ සටහනක්ද පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධනයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාත් අති විශාල ප්‍රතිපාදන මුදලක් ලබා දී ගම්පහ දිස්ත්‍රික්කය විශිෂ්ට අයුරින් සංවර්ධනයට දායකත්වයක් ලබා දුන් බවද කීය.

එළඹෙන ජනාධිපතිවරණයෙන්ද, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ඉරහඳ මෙන් විශ්වාස බවද මුළු රටේම ප්‍රගතිශීලී කෘතවේදී ජනතාව සමඟ ගම්පහ ජනතාවද ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට කැපවෙන බවද කීය.

පුරපති එරංග සේනානායක මහතා - පසුගිය තෙවසර තුළ ගම්පහ නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා අති විශාල වැඩ කොටසක් කිරීමට හැකි වුයේ, ජනාධිපතිතුමා , සහ ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ සඳහා ලබා දුන් විශිෂ්ට සහාය නිසා බව පැවසීය. ගම්පහ සංවර්ධනයෙහිලා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා නිරතුරුවම සොයා බලමින්, නගරයේ සංවර්ධනයටද, ප්‍රතිපාදන ලබාදුන් බව, කෘතවේදීව සිහිපත් කරන බවද කීය.

අද අපේ ජංගම සේවාව තුළින් වගා කටයුතු සඳහා පැළ වර්ග බෙදාදීම, ගොවිමහතුන්ට ගොවි උපකරණ, ක්‍රිඩා සමිති වලට අවශ්‍ය භාණ්ඩ ලබා දීම , කුකුළු පැටවුන් ලබා දීම, අඩු ආදායම් ලාභී පවුල් සඳහා ආහාර අඩංගු පාර්සල් ලබා දීම, ආදී වශයෙන් ප්‍රජා සේවා රාශියක් ඉටුකර දෙන බවද පැවසීය. මෙම කටයුතු සංවිධානයෙහි ලා උප පුරපති අජිත් බස්නායක මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු , නාගරික කොමසාරිස් , ගණකාධිකාරිතුමිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ ලැබු සහාය අගය කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා