සංවර්ධනයේ ප්‍රතිලාභ පක්ෂ බේදයෙන් තොරව සියලු ජනතාවට

සංවර්ධනයේ ප්‍රතිලාභ පක්ෂ බේදයෙන් තොරව සියලු ජනතාවට

* විශේෂ ව්‍යාපෘති ඇමැති එස්.එම් චන්ද්‍රසේන පවසයි

සංවර්ධනයේ ප්‍රතිලාභ දේශපාලන භේදයකින් තොරව සියලු දෙනාට ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව විශේෂ ව්‍යාපෘති ඇමැති එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි .ඇමැතිවරයා එසේ පැවසූයේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා රජය විසින් සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීම මේවන විට ආරම්භ කර තිබේ.මේ සඳහා සහයෝගය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේද යුතු කමක්.ජනතාවගේ මුදලින් සිදු කෙරෙන මේ කටයුතුවල ප්‍රතිලාභ සියලු දෙනාටම හිමිවිය යුතුයි.

ඉදිරියේ දී මැතිවරණ සමයක් උදාවන නිසා මේ ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ දී මැතිවරණ නීති රීති බාධකයක් වන නිසා කඩිනමින් ජනතාව වෙත ප්‍රතිලාභ ලබාදිය යුතුයි. මෙහිදී ඇමැතිවරයා විසින් අතපසු වී ඇති සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාවටඇමැතිවරුන් වන ආතාවුද සෙනෙවිරත්න,රංජිත් සියඹලාපිටිය,නියෝජ්‍ය ඇමැතිවරුන් වන එච්.ආර්.මිත්‍රපාල,වයි.ජී පද්මසිරි,ලලිත් දිසානායක,පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු ඇතුලු දේශපාලන නියෝජිතයෝ හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී.වනිගසිංහ ඇතුලු රාජ්‍යය නිලධාරීහු සහභාගි වී සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා