නව ජනපතිට - අගමැතිට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලේඛකයන්ගෙන් සුබපැතුම්

නව ජනපතිට - අගමැතිට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලේඛකයන්ගෙන් සුබපැතුම්

නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුනට සවිය හා දිරිය ලැබේවායි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලේඛකයෝ සංවිධානය සුබ පතති .

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සමඟ අත්වැල් බැඳගනිමින් භෞමික වශයෙන් පමණක් නොව ජනහදවත් වලින්ද ඒකීය වූ නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට හැකිවේවා...

'ශ්‍රී ලාංකික සාහිත්‍යයක් බිහි කරමු - මිතුදමේ පහන්සිළු දල්වමු' යන තේමා පාඨය යටතේ සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රමුඛ සියලු ජනකොටස් සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ලේඛක එකමුතුව සංස්කෘතික අධ්‍යාපන හා ජනමාධ්‍ය යන ක්ෂේත්‍රවල නව රජය විසින් ඇති කරනු ලබන ප්‍රතිසංස්කරණ කෙරෙහි විශේෂ අවධානයකින් පසු වන බවද තවදුරටත් කියා සිටියි.

එසේම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනය මගින් ඉදිරිපත් කරන ලද දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලේඛක සංවිධානයේ පූර්න සහය ජනාධිපතිතුමා ප්‍රමුඛ නව රජය වෙත ලබාදෙන බවත් එම වැඩපිළිවෙළ අකුරටම ඉටු කර සියලු ලක්වැසියන්ගේ ආර්ථික සාමාජයීය හා සංස්කෘතික අවැසිතාවන් සපුරන උසස් ගුණදහමින් සපිරි යහ පාලනයක් සහිත නව ශ්‍රී ලංකාවක් බිහි වනු දැකීම තම සංවිධානයේ ඒකායන පැතුම බවත් 'ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලේඛකයෝ' ප්‍රකාශ කරති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා