ජනපතිගේ යහපාලනයට සහයෝගය ලබාදීමට තීරණය කළා

ජනපතිගේ යහපාලනයට සහයෝගය ලබාදීමට තීරණය කළා

 - මහනුවර දිසා මන්ත්‍රී අබ්දුල් කාදර්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කිරීමට යන යහ පාලන වැඩපිළිවෙළට මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලබාදීම සඳහා එතුමා සමඟ එක්වී කටයුතු කිරීමට තීරණය කළ බව හිටපු පරිසර නියෝජ්‍ය ඇමැති හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා කීය.

අබ්දුල් කාදර් මහතා මෙසේ ද කීය. දැන් මැතිවරණය අවසන්වී තිබෙනවා. පෙරේදා (11) මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස සිට ජාතිය අමතන අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් සර්වපාර්ශ්වික ආණ්ඩුවකට ආරාධනා කළා.

එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දින 100ක් ඇතුළත සිදුකිරීමට යන කඩිනම් ප්‍රතිසංස්කරණ සඳහා අප අනිවාර්යයෙන්ම සහයෝගය ලබාදිය යුතුයි. පක්ෂ භේදවලින් ජාති භේදවලින් තොරව රට ගැන සිතන සියලු දෙනා ඊට දායක විය යුතුයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා