අයථා ලෙස භාවිත කරන ජනාධිපති කාර්යාලය සතු වාහන ගැන කඩිනමින් සොයා බලන්න

අයථා ලෙස භාවිත කරන ජනාධිපති කාර්යාලය සතු වාහන ගැන කඩිනමින් සොයා බලන්න

ජනපතිගෙන් රහස් පොලිසියට උපදෙස්

ජනාධිපති කාර්යාලය සතු වාහන විශාල ප්‍රමාණයක් මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවල අයථා අන්දමින් භාවිත කරමින් තිබෙන හෙයින් මේ වාහන සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීමට ජනාධිපතිතුමා විසින් රහස් පොලිසියට උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලය මඟින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ. එම වාහන ජනාධිපති කාර්යාලය වෙත මේ වනතෙක් ආපසු භාර දී නොමැති බවත් වාර්තා වේ.

විවිධ පුද්ගලයන් විසින් භාවිත කළ ජනාධිපති කාර්යාලය සතු වාහන විශාල ප්‍රමාණයක් විවිධ ස්ථානවල කැබලි කරන බවට ද මේ කාර්යාලයට තොරතුරු ලැබී ඇත. එබැවින් මෙතෙක් භාර නොදෙන ලද වාහන ඇත්නම් ඒවා කඩිනමින් භාර දෙන මෙන් ජනාධිපති කාර්යාලය දන්වා සිටී. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් රහස් පොලිසිය වෙත උපදෙස් ලබා දී ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා