ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට ඉහළ දියුණුවක්

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට ඉහළ දියුණුවක්

එක් එක් ක්‍ෂේත්‍රයන්හි කැපී ‍පෙ‍නෙන වර්ධනයක් අත්කර‍ගෙන ති‍බෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉහළ දියුණුවක් අත්කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

ඒ අනුව නීතියේ ආධිපත්‍ය පිළිබඳ දර්ශකය - 2014 ට අනුව දකුණු ආසියානු කලාපයේ ඉදිරි‍යෙන්ම සිටින රට ශ්‍රී ලංකාව වන අතර ආසියා පැසිෆික් රටවල් අතරින් 10 වැනි ස්ථානයේ ද ගෝලීය වශ‍යෙන් ‍ලෝක‍යේ රටවල් 99 ක් අතරින් 48 වැනි ස්ථානයේ ද පසුවන බව එම බැංකුව ‍පෙන්වා ‍දෙයි. ‍

මේ අතර ආර්ථික නිඳහස පිළිබඳ දර්ශකය - 2014 ට අනුව දකුණු ආසියා‍වේ පළමු ස්ථානය ද, ආසියා පැසිෆික් රටවල් අතරින් 17 වැනි ස්ථානයේ ද, ගෝලීය රටවල් 178 ක් අතරින් 90 වැනි ස්ථානයේ ද පසුවේ.

ගෝලීය සෞභාග්‍යතා දර්ශකය - 2014 ට අනුව දකුණු ආසියාවෙන් පළමු ස්ථානය, ආසියා පැසිෆික් රටවල් අතරින් 15 වැනි ස්ථානය හා ගෝලීය වශයෙන් රටවල් 142 ක් අතුරින් 62 වන ස්ථානයේ ද ශ්‍රී ලංකාව පසුවන අතර ව්‍යාපාර කිරීම පිළිබඳ පහසුව පිළිබඳ දර්ශකය - 2015 ට අනුව ආසියානු කලාපයෙන් පළමු ස්ථානයේ ද ආසියා පැසිෆික් කලාපයේ 21 වන ස්ථානයේ ද පසුවන බව ‍වෙයි. එම දර්ශකයට අනුව ගෝලීය වශයෙන් ගත්කළ ශ්‍රී ලංකාව රටවල් 189 ක් අතරින් 99 වන ස්ථානය හිමි කරගෙන ඇත.

මානව සංවර්ධන අර්ශකය - 2013 ට අනුව ආසියානු කලාපයෙන් පළමු ස්ථානයේ ද, ආසියානු පැසිෆික් කලාපයේ 10 වැනි ස්ථානයේ ද පසුවන ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ‍‍ලෝක‍යේ රටවල් 187 ක් අතරින් 73 වන ස්ථානය ද හිමිකර ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ‍පෙනවා ‍දෙන්නේ ගෝලිය තරගකාරීත්ව දර්ශකය - 2014 ට අනුව දකුණු ආසියානු කලාපයේ පළමුවැනි ස්ථානයේ ද, ආසියානු පැසිෆික් කලාපයේ 17 වන ස්ථානය ද, ගෝලීය වශයෙන් රටවල් 144 ක් අතරින් 73 වන ස්ථානය ද ලබාගෙන ති‍බෙන බවයි. දූෂණ සංජානන දර්ශකය - 2014 ට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය ද, ආසියානු පැසිෆික් කලාපයේ 17 වන ස්ථානය ද, රටවල් 114 ක් අතරින් ගෝලීය වශයෙන් 85 වන ස්ථානය ද ලබා ඇත.

ඇෆ්ගනිස්ථානය, ඔස්‍ට්‍රේලියාව, අසර්බයිජානය, බංගලාදේශය, භූතානය, බෘනායි, බුරුමය, කාම්බෝජය, චීනය, ෆිජි, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්ථානය, කිරිබති, කිර්ගිස් ජනරජය, ලා ඕසය, මැලේසියාව, මාලදිවයින, මයි‍ක්‍රොනේසියාව, මොංගෝලියාව, නේපාලය, නවසීලන්තය, උතුරු කොරියාව, පාකිස්ථානය, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, සැමෝවා, සිංගප්පූරුව, සොලමන් දුපත්, කොරියාව, තායිවානය, ටජිකිස්ථානය, තායිලන්තය,ටීමෝලෙසෝතෝ, මොංගා, ටර්ක්මිනිස්ථානය, වනවාටු, වියට්නාම් ආදී රටවල් 45 ක් ආසියානු පැෆිපික් කලාපයට අයත් ‍වෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා