හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නැවත ධුරයේ පිහිටුවන ලෙසත් අගවිනිසුරු මොහාන් පීරිස් ධුරයෙන් ඉවත්කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක

නැවත ධුරයේ පිහිටුවන ලෙසත් අගවිනිසුරු මොහාන් පීරිස් ධුරයෙන්
ඉවත්කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත ධුරයේ පිහිටුවන ලෙස හා අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉවත්වන්නැයි බල කරමින් නීතිඥ එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන නි‍යෝජිතයින් රැසක් ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය අභියස සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළේය.

“44 වන අගවිනිසුරු ගෙදර යවමු, අධිකරණයේ ස්වාධීනත්වය රැකගනිමු” මැයෙන් විවිධ පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විවිධ පාඨ කියූ උද්ඝෝෂකයින් අගවිනිසුරුවරයාට ධුරයෙන් ඉවත්වන ලෙසට බල කළේය. විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුළුවන දොරටුව අභියස පැවති මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් නියෝජිතයින්, ගුරු සංගම් නියෝජිතයින්, සෞඛ්‍ය සංගම්, මාධ්‍ය සංගම් නියෝජිතයින් හා විධියේ විරෝධය යන සම්ගම් කීපයක් එක්ව සිටියේය.

අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත්වන තෙක් සිය විරෝධතාව ගෙනයන බව විරෝධතාකරුවෝ පැවසූහ.

එහිදී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා - වත්මන් අගවිනිසුරු දේශපාලනයට ක්‍රියාකාරීත්ව දායක වූ අයෙක්. එසේ කුමන්ත්‍රණකාරයින්ට එක්වන්නන්ට මේ ශුද්ධ භූමියට එන්න බෑ.

නීතිඥ සුනිල් වටගල මහතා අගවිනිසුරු - දේශපාලන අතකොළුවක්, බැංකු සභාපති වරයෙක් සමාගම් අධ්‍යක්ෂ වරයෙක් ඔහු ගෙදර යනකම් අපි මේ සටන කරනවා. මෙහිදී වෘත්තීය සංගම් නියෝජිතවරයකු වූ සමන් රත්නප්‍රිය මහතාද අදහස් දැක්වීය.

ඊයේ (12) උදෑන ආරම්භ වූ මේ විරෝධතාවය පෙරවරු 10වන තෙක් පැවති අතර ඒ වනතෙක් අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට පැමිණියේ නැත. අගවිනිසුරුවරයා ඊයේ දිනයේ දී ශ්‍රේෂ්ඨාධීකරණ විනිශ්චය මණ්ඩලයේ නඩු විමසීමට නම්කර තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසීමට අසුන් ගැනීමක් නොකළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා