වත්මන් ජනපතිගේ ආරාධනාව පිළිගෙන සහාය දීමට එක්වූවා

වත්මන් ජනපතිගේ ආරාධනාව පිළිගෙන සහාය දීමට එක්වූවා

හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර කියයි

ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනාව පිළිගෙන තමන් ඊට සහාය දීමට එක් වු බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.

එසේ නොමැතිව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා නොගිය බව හෙතෙම කීවේය. දැන් කළ යුත්තේ බහුතර ජනතාව අනුමත කළ වැඩපිළිවෙළට සහාය ලබාදීම බව පැවැසු ඒ මහතා එය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කෙළේය.

තමන් ඇතුළු මන්ත්‍රීවරුන් එක්වී වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කර ගත් බවත් ඊට බහුතර පිරිසගේ සහාය ලැබුණු බවත් ‍පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා