හිටපු ඇමැති කෙහෙළියත් ජනපති මෛත්‍රීගේ සහායට

හිටපු ඇමැති කෙහෙළියත් ජනපති මෛත්‍රීගේ සහායට

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ යහපාලනය වෙනුවෙන් ඉදිරි දින සියය ඇතුළත ගනු ලබන හැම ක්‍රියාමාර්ගයකටම පාර්ලිමේන්තු තුළදීත්, ඉන් පිටතදීත් සහාය ලබාදෙන බව හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

ජන මතයට හිස නමමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් සමුගත්තා. එය අගය කරනවා. එම කාර්යයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකළ කාර්යභාරය අගය කරන අතර දින සියය ඇතුළත සාධනීය හා වැඩදායී සෑම කටයුත්තකටම අප පාර්ලිමේන්තු කණ්ඩායම සහාය ‍ෙදනවා.

නව රජයට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතන බව ද හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා