පාකිස්තාන අගමැතිගෙන් ජනපතිට සුබ පැතුම්

පාකිස්තාන අගමැතිගෙන් ජනපතිට සුබ පැතුම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනපති ධුරයට පත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් මහතා සුබපැතුම් එක්කර තිබේ.

සුබපැතුම් පණිවුඩයක් එවමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ තවදුරටත් ශ්‍රී ලංකා - පාකිස්තාන දෙරට අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කර ගැනීමට නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට පාකිස්තානයට හැකිවනු ඇති බවයි. පාකිස්තාන මහ‍ කොමසාරිස් කාර්යාලය ද ජනපති මෛත්‍රීට සුබ පැතුම් එක් කර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා