නව රජයේ ඇමැති මණ්ඩලය

නව රජයේ ඇමැති මණ්ඩලය

කැබිනට් 27යි: රාජ්‍ය 10යි: නියෝජ්‍ය 8යි

කැබිනට් ඇමැතිවරුන් විසිහත් දෙනෙකුගෙන් සමන්විත නව රජයේ කැබිනට් මණ්ඩලය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12) හවස දිවුරුම් දෙනු ලැබිණි.

මෑත ඉතිහාසයේ මෙරට පත් කෙරුණු අඩුම කැබිනට් මණ්ඩලය ලෙස වාර්තා තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් මණ්ඩලය පත් කර තිබීම විශේෂත්වයකි.

කැබිනට් ඇමැතිවරුන්ට අමතරව රාජ්‍ය ඇමැතිවරුන් දස දෙනෙකු සහ නියෝජ්‍ය ඇමැතිවරුන් අට දෙනෙකුද ජනාධිපතිවරයා හමුවේ දිව්රුම් දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා මෙම අවස්ථාවට දායක විය.

ඉතා චාම් මෙන්ම ගාම්භීර අන්දමින් පැවති මෙම උත්සවයට මහා සංඝරත්නය, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහයෝගය දක්වන සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වී සිටියහ.

අමාත්‍යවරුන්

1.රනිල් වික්‍රමසිංහ මහතා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු

2.ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග මහතා - මහජන

සාමය හා ආපදා කළමනාකරණය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

3.ජෝශප් මයිකල් පෙරේරා මහතා - ස්වදේශ කටයුතු

4.මල්ලවආරච්චිගේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා

ආහාර සුරක්ෂිතතාව

5. මංගල පින්සිරි සමරවීර මහතා - විදේශ කටයුතු

6. කරූ ජයසූරිය මහතා - රාජ්‍ය පරිපාලන හා

ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ සහ බුද්ධශාසන

7.ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - වැවිලි කර්මාන්ත

8.රවී කරුණානායක මහතා - මුදල්

9. ඉබදුල් රවුෆ් හකීම් මහතා - නාගරික සංවර්ධන,

ජලසම්පාදන හා ජලාපවහන

10. පාඨලී චම්පික රණවක මහතා - විදුලිබල හා බලශක්ති

11. රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

12. දුමින්ද දිසානායක මහතා - වාරිමාර්ග

13. කබීර් මොහොමඩ් හෂීම් මොහොම්ඩ් මහතා

මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

14. එම්.කේ. ඩී.එස්. ගුණවර්ධන මහතා - ඉඩම්

15. සජිත් ප්‍රේමදාස මහතා - නිවාස හා සමෘද්ධි

16. විජේදාස රාජපක්ෂ මහතා - අධිකරණ

17. ගයන්ත කරුණාතිලක මහතා - ජනමාධ්‍ය

18. එරංජන් නවීන් දිසානායක මහතා - සංචාරක

19. අර්ජුන රණතුංග මහතා - වරාය හා නාවික

20. අබ්දුල් රිෂාඩ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ

21. උඩෙයිඅප්පන් පලනි දිගම්බරම් මහතා - වතු යටිතල පහසුකම්

සංවර්ධන

22. ඩී.එම්. ස්වාමිනාදන් මහතා - නැවත පදිංචි කිරීම,

ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු

23. අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන

24. තලතා අතුකෝරල මහත්මිය - විදේශ රැකියා

25. රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුමබණ්ඩාර

අභ්‍යන්තර ප්‍රවාහන

26. පෑලිස්ගේ හැරිසන් මහතා - සමාජසේවා සහ සුබසාධන

27. කුලතුංග මුදියන්සේලාගේ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය

කාන්තා කටයුතු

රාජ්‍ය අමාත්‍යවරුන්

1. ඇම්. නන්දිමිත්‍ර ඒකනායක මහතා - සංස්කෘතික හා කලා කටයුතු

2. සේදුවේල් සාමි රාධක්‍රිෂ්නන් මහතා - අධ්‍යාපන

3. මොහමඩ් ෆයිසර් මුස්තාෆා මහතා - ගුවන්සේවා

4. පාලිත රංගේ බණ්ඩාර මහතා -විදුලිබල හා බලශක්ති

5. දිලිප් වෙදආරච්චි මහතා - ධීවර

6. බර්නඩීන් ‍රෝස් සේනානායක මහත්මිය - ළමා කටයුතු

7. රාජීව විජේසිංහ මහතා - උසස් අධ්‍යාපන

8. දිනේද්‍ර රුවන් විජේවර්ධන මහතා - ආරක්ෂක

9. කරුපයියා වෙලායුදන් මහතා - වැවිලි කර්මාන්ත

10. නිරෝෂන් පෙරේරා මහතා - තරුණ කටයුතු

නියෝජ්‍ය අමාත්‍යවරුන්

1. අබතැන්න දේවයලාගේ චම්පික ප්‍රේමදාස මහතා - කර්මාන්ත හා වාණිජ

2. ජී.එම්. හර්ෂ ද සිල්වා මහතා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු

3. එරාන් වික්‍රමරත්න මහතා - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

4. අර්ජුන සුජීව සේනසිංහ මහතා - අධිකරණ

5. සේනානායක වසන්ත හරේෂ් පරාක්‍රම මහතා - සංචාරක

6. විජයකලා මහේස්වරන් මහත්මිය - වනිතා කටයුතු

7. අජිත් පත්මකාන්ත පෙරේරා මහතා - විදේශ කටයුතු

8. අනෝමා ගමගේ මහත්මිය - වාරිමාර්ග

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා