පාර්ලිමේන්තු ව්‍යවස්ථා සංශෝධනයට සියලු බේදවලින් තොරව සහාය දෙන්න

පාර්ලිමේන්තු ව්‍යවස්ථා සංශෝධනයට සියලු බේදවලින් තොරව සහාය දෙන්න

මාදුළුවාවේ සෝභිත හිමි

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය පළ කිරීමට අත එසවීමට මැළිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජාතික ද්‍රෝහීන් වන බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

සුනාමි ව්‍යවසනය සිදු වූ අවස්ථාවේදී ජාති , ආගම් , පක්ෂ බේදයෙන් තොරව එකා මෙන් එකමුතුව කටයුතු කළ ආකාරයට මේ ජාතික කර්ත්‍යවයේදී කටයුතු කළ යුතුව ඇතැයිද උන් වහන්සේ කීහ.සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් කෝට්ටේ නාග විහාරයේදී ඊයේ (12) පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ජාවකට සහභාගි වෙමින් සෝභිත හිමියෝ මේ අදහස් පළ කළහ.

මෙවර ඇමැති මණ්ඩලය තිහකට නොවැඩි වන බවත් රටේ යහපාලනයක් උදා කිරීම සඳහා මේ ව්‍යාපාරය දිගටම කැප වන බවත් උන් වහන්සේ ප්‍රකාශ කළහ. විධායක ජනාධිපති ක්‍රමය‍ අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන්නැයි කියමින් සිය ව්‍යාපාරය විසින් රට පුරා මහජනතාව දැනුවත් කළ බවත් එහි ප්‍රතිඵල දැන් උදා වී ඇතැයි කී සෝභිත හිමියෝ ජනතාව අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගෙන ඇත්තේ නව බලාපොරොතුවකින් බවත් කීහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා