අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

බාලවයස්කාරියකට අපචාරයක් කිරීම:

අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් නමැති විත්තිකරු අත්අඩංගුවට ගෙන ‍ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය ඊයේ (12) වරෙන්තු නිකුත් කළේය.

බාලවයස්කාර දැරියක් අපචාරයට ලක්කිරීමේ නඩු විභාගයට පෙනී නොසිටීම හා නීතිඥ නියෝජනයක් නොමැතිවීම හේතුවෙන් මේ වරෙන්තුව නිකුත් කෙරිණි.

2012 මැයි හා ජූලි 07 දින යන අතර කාලයේ බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ මහාධිකරණයේ විභාග වන නඩුවට පෙනී නොසිටි විත්තිකරුට ඊයේ (12) දිනයේ නීතිඥවරුද පෙනී නොසිටියේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයෝමි වික්‍රමසේකර මෙනෙවිය පෙනී සිටියාය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා