ඇළහැර ගොවි ජනතාව ජනපති ජය සමරති

ඇළහැර ගොවි ජනතාව ජනපති ජය සමරති

ඇළහැර ගොවි ව්‍යාපාරයේ ගොවින් පිරිසක් 12 දින බක්මුණ නගරයට පැමිණ කැවුම් කිරිබත් පිස තම දිස්ත්‍රික්කයේ ජනපතිවර‍යකු බිහිවිම පිළිබඳවම සතුට ප්‍රකාශ කළහ. ගොවින් පිරිසක් උදලු කරේ තබාගෙන ප්‍රධාන මාර්ගයට පිවිස කිරිබත් අනුභව කරමින් රතිඤ්ඤා දල්වමින් සිය සතුට ප්‍රකාශ කරන අයුරු දැකගත හැකිවිය.

“ගොවි ගෙදරින් රජ ගෙදරට ” මැයෙන් දැන්විම් ප්‍රදර්ශනය කරමින් පිරිස නගරයේ සමකාමිව ඇවිදගියහ ඇළහැර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකු වූ ප්‍රභාත් හිදුරංගල මහතා සහ ගොවි සංවිධාන එක්ව මෙය සංවිධාන කර තිබිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා