‘ජනපති මෛත්‍රීපාලගේ විශිෂ්ට ජය ගුරුවරුන්ගේ භාග්‍යයක්’

‘ජනපති මෛත්‍රීපාලගේ විශිෂ්ට ජය ගුරුවරුන්ගේ භාග්‍යයක්’

සාමයත් සදාචාරයත් සෞභාග්‍යයත් ශ්‍රී ලංකාව තුළ පවතින මේ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීම සමස්ත ගුරු සංහතියේ භාග්‍යයක් යැයි ජාත්‍යන්තර ගුරු සංවිධානයට ඒකාබද්ධ සමස්ත ලංකා ඉංග්‍රීසි ගුරු සංගමයේ මහ ලේකම් ඇම්. ඒ. ස්ටැන්ලි පෙරේරා විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතා කාර්යසූර දූරදර්ශී ඥානයෙන් යුත් නායකයකු ලෙස සඳහන් කරන එම සංගමය නව සමාජ රටාවක් ඇති කිරීම සඳහා පක්ෂ ජාති හා ආගම් ‍බේදවලින් තොරව ගුරුවරුන්ගේ සම්පූර්ණ සහාය නව ජනාධිපතිවරයාට ලබා දෙන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා