මෛත්‍රීපාල සිරිසේනට ජනවරම ලබාදුන්නේ රටේ සැබෑ වෙනසක් ඇති කිරීමටයි

මෛත්‍රීපාල සිරිසේනට ජනවරම ලබාදුන්නේ රටේ සැබෑ වෙනසක් ඇති කිරීමටයි

 - පාර්ලිමේන්තු මන්ත්‍රී රාධක්‍රිෂ්ණන්

සිංහල, දමිළ, මුස්ලිම් ආදී සියලු ජනකොටස් එක්ව වෙනසක් උදෙසා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් ජනවරම ඔස්සේ රටෙහි සියලු ජාතීන්ගේ වඩාත් සමගි සම්පන්න යුගයක් රටට බිහි කළ හැකියැයි කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.

මේ නිසා ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට එක්සත්ව ලෝකය ජය ගැනීමට මෙම අවස්ථාව කදිම සන්ධිස්ථානයක් කැර යුතු යැයි ද ඒ මහතා කීය. සියලු ජනකොටස් අතර සහයෝගීතාව පිළිබඳව ලෝකයාට කදිම පණිවිඩයක් මෙම විශිෂ්ට ජනවරම ඔස්සේ ලබාදිය හැකි බව ද හෙතෙම පැවසීය.

විශේෂයෙන් කන්දඋඩරට වතුකරයේ ජනතාව අසීමිත විශ්වාසයෙන් ඉහළ ජනවරමක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇති බවත් විවිධ බාධක මැද ඔවුන් ලබාදුන් ඉහළ ප්‍රතිචාරය පිළිබඳව වතුකරයේ ජනතාව ප්‍රසාදය පිරිනමන බවත් රාධක්‍රිෂ්ණන් මහතා කීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා