මෙවර ජනපතිවරණයේ දී වසර ගණනාවකට පසු මහනුවර දිසාවම පොදු විපක්ෂයට

මෙවර ජනපතිවරණයේ දී වසර ගණනාවකට පසු මහනුවර දිසාවම පොදු විපක්ෂයට

වසර ගණනාවක් පුරා බිඳ වැටී තිබුණු මහනුවර එජාප බලකොටුව පසුගිය ජනපතිවරණයේදී යළි ගොඩනැංවීමට එජාප නායකත්ව මණ්ඩල සාමාජික මහනුවර එජාප දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රමුඛ කණ්ඩායම සමත්වූයේ දිස්ත්‍රික්කය ලක්ෂයකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි.

අගමැති ප්‍රමුඛව ඇමැතිවරු හත් දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ඡන්ද සටන පණ පොවන්නට එක්ව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුද මධ්‍යම පළාත් සභාව මහනුවර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ගණනාවක ශක්තියද ඊට එකතු වී තිබිණි.

පසුගිය මැතිවරණවල මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී විපක්ෂයට මහනුවර ආසනය හැර සෙසු ආසන සියල්ලගෙන්ම අත්වූයේ අන්ත පරාජයන්ය. මේ නිසාම පසුගිය ජනපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ගණන් බලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාටය.

දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ගණනකින් ජයගෙන මහින්ද රාජපක්ෂ මහතාට එහි වාසිය අත්කර ගන්නට සන්ධාන මැති ඇමැතිවරු බලා සිටියහ. අවසානයේ ප්‍රතිඵල නිකුත් වූ විට සිදුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා මහනුවරින් පරාජයට පත්වීමයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා