සැහැල්ලු පන්දු ක්‍රිකට් අද සහ‍ හෙට රජවැල්ලේ දී

සැහැල්ලු පන්දු ක්‍රිකට් අද සහ‍ හෙට රජවැල්ලේ දී

දිගන සුපර් කිංග්ස් ක්‍රීඩා සමාජය ප්‍රථම වරට සංවිධානය කරන දීප ව්‍යාප්ත සය සාමාජික ලින්ටන් විජේසිංහ අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අද (22) සහ හෙට (23) දිගන රජවැල්ල කනිෂ්ට විදුහල් ක්‍රීඩාපිටියේ දී පැවැත්වේ‍.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ ශුරයන්ට කුසලානය සමග මුදලින් රුපියල් 15,000ක්ද, අනු ශූරයන්ට කුසලානය සමග මුදලින් රුපියල් 10,000ක් ද පිරිනැමෙන බව සංවිධායක‍යෝ පවසති. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ ලින්ටන් ‍විජේසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත පිරිනැමේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා