ඉන්දියාවේ සුරූපී ක්‍රීඩිකාව යුරෝපීය ගොල්ෆ් පිටියට

ඉන්දියාවේ සුරූපී ක්‍රීඩිකාව යුරෝපීය ගොල්ෆ් පිටියට

යු‍රෝපීය කාන්තා විවෘත ගොල්ෆ් තරගාවලියේ පළමු වටයේ දී ලකුණු 72ක් රැස්කරගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මෙවර තරගාවලියේ කැපීපෙනෙන ක්‍රීඩිකාව වන ඉන්දියාවේ ෂර්මිලා නිකෝල් සමත්වූවාය.

21 හැවිරිදි ෂර්මිලා යුරෝපීය කාන්තා ගොල්ෆ් තරග සංචාරයට එක්වූ පළමු ඉන්දියා ක්‍රීඩිකාව වන්නීය.

ඉන්දියාවේ බැංග්ලෝර් ප්‍රදේශයෙන් අන්තර් ජාතික ගොල්‍ෆ් පිටියට පිවිසි සුරූපී ෂර්මිලා 2007 වසරේ ලෝක ආධුනික ගොල්ෆ් ක්‍රීඩිකාවට හිමි සම්මානයත්, 2010 වසරේ ලෝක වෘත්තීමය ‍ගොල්ෆ් ක්‍රීඩිකාවට හිමි සම්මානයත් දිනා ගත්තාය.

11වියේ දී ගොල්‍ෆ් පිටියට පිවිසි ෂර්මිලා 15වියේ දී සිය ප්‍රථම ‍ගොල්ෆ් කිරුළ අත්කර ගත්තාය‍. ඇය ඊට පෙර පාසල් පිහිනුම් ශූරියක් වූ අතර රන් හා රිදී පදක්කම් 70කට අධික ප්‍රමාණයක් දිනා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා