මාකොළ දිවා රාත්‍රි ක්‍රිකට් අද සහ හෙට

මාකොළ දිවා රාත්‍රි ක්‍රිකට් අද සහ හෙට

මාකොළ නයන් ක්‍රිකට් සමාජය දෙවන වරටත් සංවිධානය කරන විවෘත සැහැල්ලු පන්දු දිවා-රාත්‍රි ක්‍රිකට් තරගාවලි‍ය අද සහ හෙට සපුගස්කන්ද නව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඕවර 6කට සීමාවන මේ තරගාවලිය සඳහා දිවයිනේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට විවෘත වේ. තරගාවලියට සමගාමීව බියගම සහ මහර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක්ද පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව සඳහා කුසලානය සමඟ රු.50,000ක්ද, අනුශූරතාවට රු.30,000ක්ද, තෙවන ස්ථානය සඳහා රු.10,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා