‍ලෝක කාලය මැනීමේ පාපැදි කිරුළ දෙවැනි වරටත් ජර්මනියට

‍ලෝක කාලය මැනීමේ පාපැදි කිරුළ දෙවැනි වරටත් ජර්මනියට

අමෙරිකාවේ ප්‍රබල පාපැදි ධාවන ශූර ටේලර් පිනී තත්පර 5කින් පරදවා ලෝක කාලය මැනීමේ පාපැදි කිරුළ දෙවැනි වරටත් අත්කර ගැනීමට ජර්මනියේ ටෝනි මාටින් සමත්විය.

නෙදර්ලන්තයේ පැවැති කිලෝමීටර් 45.7කින් යුත් මේ තරගයේ ආරම්භයේ සිටම දෙදෙනා අතර උණුසුම් තරගයක් පැවැති අතර එය ක්‍රීඩාලෝලින්ගේ දැඩි අවධානයට පාත්‍රවීය. 31හැවිරිදි මාටින් පසුගිය වසරේ දිත් මේ කිරුළ අත්කර ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා