අන්තර් දිසාපති කාර්යාල සැහැල්ලු පන්දු ක්‍රිකට් ජය මොනරාගල‍ දිසාපති පිලට

අන්තර් දිසාපති කාර්යාල සැහැල්ලු පන්දු ක්‍රිකට් ජය මොනරාගල‍ දිසාපති පිලට

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සංවිධානය කළ අන්තර් දිසාපති කාර්යාල සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මොනරාගල දිසාපති කාර්යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඕවර 10කට සීමාවූ අවසාන තරගයේදී අනුරාධපුර දිසාපති කාර්යාල පිල කඩුලු 9කින් පරාජය කිරීමට මොනරාගල පිලට හැකිවිය.

එම තරගයේදී මුලින් පන්දුවට පහර දුන් අනුරාධපුර පිල ඕවර් 6කදී සියල්ලන් දැවී ලකුණු 49ක් ලබාගත් අතර මොනරාගල කණ්ඩායම ඕවර 4.3කදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. තරගාවලිය පසුගියදා නුවරඑළිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මේ සඳහා දිවයිනේ දිසාපති කාර්යාල නියෝජනය කරමින් කණ්ඩායම් 25ක් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතනවලින් කණ්ඩායම් 3ක්ද එක්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා