අනියම් මිනීමැරූමේ චුදිතයන්ට වසර 2 බැගින් බරපතළ වැඩ සහිත අත්හිටවූ සිර දඬුවම්

අනියම් මිනීමැරූමේ චුදිතයන්ට වසර 2 බැගින්
බරපතළ වැඩ සහිත අත්හිටවූ සිර දඬුවම්

අනියම් මිනීමැරුමක් සිදු කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනකුට අවුරුදු දෙක බැගින් නියම වූ බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් අවුරුදු දහයකට අත්හිටවූ පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය රුපියල් දහදාහ බැගින් දඩ සහ රුපියල් දෙලක්‍ෂයක වන්දි මුදලක් මරණකරුගේ දරුවන් දෙදෙනාට ගෙවන ලෙසටද විත්තිකරුවන් දෙදෙනාට නියම කළාය.

මෙම දඬුවම් නියම වූයේ බණ්ඩාරගම පොකුණුවිට පදිංචි එච්. ඒ. සුමනවීර සහ ශාන්ත කුමාර වැන්දබෝනා යන දෙදෙනාටය. ඔවුන් අධිචෝදනා ලබා සිටියේ වර්ෂ 1992 නොවැම්බර් මස 12 වැනි දින පෝරුවදන්ඩේ පිහිටි හෝටලයකදී මෙස්ටියගේ දොන් වසන්ත ගුණතිලක නැමැති අය ඝාතනය කිරීම සම්බන්ධයෙනි.

හෝටලයේ පැවැති සාදයකට පසුව මෙම ඝාතනය සිදුවී ඇත. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ චතුරිකා සමරසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා