කැස්බෑ බිත්තර උස්සද්දී මහේස්ත්‍රාත්ගේ අතට මාට්ටු

කැස්බෑ බිත්තර උස්සද්දී මහේස්ත්‍රාත්ගේ අතට මාට්ටු

බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතාගේ නිවෙස පිටුපස තිබූ කැස්බෑ බිත්තර තොගයක් සොරා ගත් පුද්ගලයකුට රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර තිබේ.

මේ පුද්ගලයා කැස්බෑ බිත්තර සොරා ගන්නා ආකාරය මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් යොදවා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් අනතුරුව, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ දඩ මුදල ඊයේ (12) නියම කළේය. දඩ මුදල නොගෙවන්නේ නම් ඔහුට මාස දෙකක සිරදඬුවම් නියම කරන බව ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

මෙයට අමතරව, කැස්බෑ බිත්තර 114ක් ළඟ තබාගෙන සිටි තවත් පුද්ගලයකු කොස්ගොඩ නාපේ මුහුදු සීමාවේ ප්‍රදේශයේ දී ඊයේ (12) අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිිසිය පවසයි. හෙතෙම අද (13) මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා