මීරිගම නළ ළිං අලුත්වැඩියාවට

මීරිගම නළ ළිං අලුත්වැඩියාවට

මීරිගම ප්‍රදේශයේ දැනට අක්‍රීයව පවත්නා සියලුම නළ ළිං අලුත්වැඩියා කිරීමට ජාතික ජලසම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත.

වසර විස්සකට පමණ ඉහතදී මේ ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සැලසීම සඳහා නළ ළිං ඉදිකෙරුණු අතර ඉන් වැඩි හරියක් මේ වන විට අක්‍රීයව පවතින බව මීරිගම ප්‍රාදේශීය සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා පෙන්වා දීමෙන් පසු මේ පියවර ගෙන ඇත.

දැනට අක්‍රීය තත්ත්වයේ පවත්නා නළ ළිං පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ජලසම්පාදන මණ්ඩලය දන්වා ඇති අතර, ඒ අනුව ඒවා අලුත්වැඩියා කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සැලසීමට නියමිතය. මේ සියලු නඩත්තු කටයුතුª සඳහා වියදම් ජාතික ජලසම්පාදන මණ්ඩලය මගින් දැරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා